තාජුදීන් ඝාතනය : කටඋත්තර පරස්පරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 5, 2016

තාජුදීන් ඝාතනය : කටඋත්තර පරස්පරයි

රගර් ක්‍රීඩක තාජුදීන්ගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත්ව සිටි නාරාහේන්පිට පොලීසියේ හිටපු අපරාධ අංශ ප්‍රධානි පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා මහතා මෙම මස 12 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම වී තිබේ.

එම නඩුව අද (05)කැඳවූ අවස්ථාවේදී රහස් පොලීසිය විසින් අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් ප්‍රකාශකොට ඇත්තේ අදාළ පොලිස් නිලධාරියා විසින් රහස් පොලීසියට ලබාදී ඇති කටඋත්තරවල පරස්පරතාවන් රැසක් දක්නට ඇති බවයි.

එම නිසා මෙම පොලිස් නිලධාරියා මෙම ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු දැන සිටියාදැයි සැකයක් මතුවන බවත් ඒ හේතුවෙන් තවදුරටත් පරීක්ෂණ කළයුතුව ඇති බවත් ‍රහස් පොලීසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

ඊට එරෙහි වූ විත්තියේ නීතිඥයින් අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා රටේ පවත්නා නීතියට අනුව නිසි ලෙස රාජකාරිය ඉටුකළ අයෙකු බවය.

එසේ වුව ද ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මෙම මරණයට අදාළව පරීක්ෂණ කටයුතු වෙනත් පිරිසකට පැවරීම නිසා එතැන් සිට මොහු පරීක්ෂණ කටයුතුවලින් ඉවත්වූ බවත් ඒ නිසා මොහු ඇප මත නිදහස් කරන ලෙසත් විත්තියේ නීතිඥයින් විසින් අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී.


එහිදී මහේස්ත්‍රාත්වරියගේ තීරණය වී ඇත්තේ මෙම නඩුව එළඹෙන 12වන දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඉදිරියේ යළි විභාගයට ගන්නා බවය.

No comments:

Post a Comment

Post Bottom Ad