හැටන් කොටගල මේෆීල්ඩ් වතුයායේ නාය යෑමේ අවධානමක් හේතුවෙන් පවුල් 31 ක් ඔවුන් පදිංචි ස්ථානවලින් වාහාම ඉවත් කරවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් විසින් වතු පරිපාලනයට ඊයේ (04) උපදෙස් ලබා දී තිබේ.
එම වතුයායට ඉහළින් වූ කඳු වැටියක අඟල් 12ක පමණ විෂ්කම්භයකින් අඩි 20ක් පමණ දිගට පසු ගිය දිනවල පැවති වර්ෂාවත් සමග පොලොව ඉරිතලා තිබිම හේතුවෙන් ඊයේ (04) පස්වරුවේ එම වතුයායට පැමිණි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් ඒ පිළිබඳ පුලුල් ලෙස පරීක්ෂා කර බලා එම තිරණයට එළැඹ ඇත.
තමන්ට පදිංචිවීම සඳහා වෙනත් ආරක්ෂිත ස්ථානයක් නොමැති බව වතුකම්කරුවන් සඳහන් කරයි. එහෙත් වතු පාලන අධිකාරිය මගින් තාවකාලික ව එම වතු කම්කරු පවුල් 31 ආරක්ෂිත ස්ථානවල තාවකාලික ව පදිංචි කිරිමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව දිඹුල පොලීසිය සඳහන් කරයි.
හැටන් - රංජිත් රාජපක්ෂ

No comments:
Post a Comment