යහපාලන හොරා පොලිස් නායක,පොලිස්පති කුජිත් ජයසුන්දරගේ රහසිගත මැර පොලිස් බළ ඇණිය යොදවා රටේ ප්‍රගතිශීලී කණ්ඩායම් ඉලක්ක කර දැවැන්ත මර්දණයක් ක්‍රියාත්මක කිරිමට මේ වනවිට සුදානම් වෙමින් සිටින බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.
පසුගිය කාලයේ සිදු වූ විවිධ අපරාධ සහ රහසිගත මිලිටරි ක‍්‍රියාන්විත සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ බලහත්කාරයෙන් සියතට ගෙන ඇති කූජිත් ජයසුන්දර හමුදා බුද්ධි අංශ වලට බලපෑම් කරමින් සිටින බවද මේ වනවිට අනාවරණය වි තිබේ.ඒ සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පොලිස්පතිවරයාට අසිමිත බලයක්ද පවරා තිබේ.
ඒ අනුව එල්. ටී. ටී. ඊ. සංවිධානය නැවත හිස ඔසවන බවත් උතුරේ යුදමය තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙන බවත් කියමින් රට අස්‌ථාවර තත්ත්වයකට ගෙන ඒමට උත්සාහ කරන සංවිධානාත්මක පිරිසකට එරෙහිව කටයුතු කරන බව රටට හගවමින් අසත්‍ය තොරතුරු පදනම් කරගනිමින් පොලිස්පතිවරයා වාර්තාවක් සකස් කර ඇති අතර එම වාර්තාවට අනුව රට අස්‌ථාවර තත්ත්වයට පත් කිරීමට උත්සාහ කරන පිරිස් අතර දේශපාලනඥයන්, ආරක්‌ෂක අංශ සාමාජිකයන්, ත්‍රස්‌තවාදී ක්‍රියාවලට සම්බන්ධව සිටි පුද්ගලයන් රැසක් සිටින බවට සදහන් කර තිබේ.
නමුත් මෙහි යටි අරමුණ වි ඇත්තේ අමනයෙකු වන චම්පික රණවක ආරක්ෂා කිරිමත් බෙදුම්වාදී පගර නැට්ටේකු වන සිරිසේන ජනාධිපතිවරයා ආරක්ෂා කිරිම සහ කුමණ අකාරයේ මර්දණයකින් හෝ යහපාලන ආණ්ඩුව රැක ගැනිම බව අමතුවෙන් කියාදිය යුතු නැත.
පොලිස්පතිවරයා පත්වු වහාම තමන්ට අවනත නොවු පාතාල කණ්ඩායම් රැසක් එක රම මහා පාරේදි ඝාතනය කෙරුණු අතර පසුව සුදු වැන් යොදවා ගනිමින් අතුරුදහන් කිරිමටද නව පොලිස්පතිවරයාගේ පත්විම කාරක සභාවට බලපැම් කර සිදුකර පැය 24ක් යන්නට මත්තෙන් මානික්කුගේ සුමිත් දයාරත්න හෙවත් පොඩි සාගර නැමැත්තා ඝාතනය කර දැමු අතර නව පොලිස්පතිවරයා ධුරයට පත්වී සතියක් ගතවීමටත් පෙර දින තුනක් ඇතුලතදී විමුක්ති කොටි සංවිධානයේ හිටපු සාමාජිකයන් තිදෙනකු ත්‍රස්ත විමර්ශන ඒකකයට ගෙන ගොස් තිබුණි.
එයින් දෙදෙනකු නැගෙනහිරදී පැහැරගෙන ගොස් තිබු අතර එක් අයකු උතුරේදී අත් අඩංගුවට ගෙන තිබු අතර පසුගිය දින වල සුදු වෑන් මගින් පැහැර ගැනීම් 2 ක් වාර්තා වු අතර අම්පාර දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වගකීම දරණ තම්බිලිවිල් හිදී පැහැර ගන්නා ලද එයින් එක් අයකු දින කීපයකට පසු කොළඹ ත‍්‍රස්ත විමර්ශණ එ්කකයෙන් මතුවි තිබේ.
පූජිත් ජයසුන්දර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටියදී පාතාලය මැඩලීමේ අරමුණින් මීගමුව නීතිය බලාත්මක කිරීමේ ඒකකය ආරම්භ කර ඇති අතර,එම එක්කකය මෙහෙයවන අනෙක් තැනැත්තා වන්නේ ප්‍රා නායක පාඪළි චම්පික රණවකයි.
උපුටා ගැනීම : Lankanewsweb.today
Sunday, May 8, 2016
සුදුවැන්,පාතාලය සමග පුජිත් මර්දණය අරඹයි- හමුදා බුද්ධි අංශ වලටත් බලපෑම්
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment