කොත්තු, ෆ්‍රයිඩ්රයිස් මිල ඉහල යන හැටි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 4, 2016

කොත්තු, ෆ්‍රයිඩ්රයිස් මිල ඉහල යන හැටි

සියලුම ආපන ශාලාවල අලෙවි කරන ආහාරවල මිල ගණන් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්‌ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසයි.

වැට්‌ බදු සියයට 15 දක්‌වා වැඩි කිරීම නිසා මෙම තීරණය ගත් බව යි ඔහු පවසන්නේ. මේ අනුව ඉහළ යන ආහාර වර්ග අතරට ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, බත් සහ ඩෙවල් වර්ග ඇතුළු සියළු ආහාර අයත්වන බව සම්පත් මහතා පවසන අතර මේ වන විට ආහාර ද්‍රව්‍යවල මිල ගණන් පිළිබඳව සමීක්‍ෂණයක නිරතව සිටින බවත් අද (04) දවසේ දී නව මිල ගණන් නිශ්චිත ලෙස නියම කිරීමට හැකිවනු බවත් පැවසී ය.

අවම වශයෙන් ආහාර මිල රුපියල් 10කට වඩා ඉහළ යනු ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad