මතභේදයට තුඩු දුන් පැනමා රහස්‍ය ලේඛනවලට සම්බන්ධ පුද්ගලයින්ගේ නම් අද (09) පස්වරු 11.30ට අන්තර්ජාලයට එක් කිරීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මේ සදහා වෙනම වෙබ් අඩවියක් ද සකස් කර ඇති බවත් පැනමා රහස්‍ය ලේඛනවලට අනුව වංචාවන් සිදුකළ පුද්ගලයින් තුන්ලක්ෂ 68,000කගේ නම් මෙහි අන්තර්ගත වන බවත් විදෙස් වාර්තා පවසයි.
ලෝක බලවතුන් සහ ධනවතුන් සිය වත්කම් සැගවීමේ සහ බදු වංචා කිරීමේ සිද්ධීන් පිළිබඳව පැනමා නීති සමාගමේ රහස්‍ය ලිපි ලේඛණ හෙලිදරව්වීමත් සමඟ මේ පිළිබඳව ලොවපුරා මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති විය.
අයිස්ලන්ත අග්‍රාමාත්‍යවරයාද සිය ධූරයෙන් ඉල්ලා අස්වූයේ ද පැනමා හෙලිදරව්වලින් පසුවයි. ඊට අමතරව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්, චීන ජනාධිපති ෂී - ජින්පින්, පාකිස්තාන අගමැති නවාස් ශරීෆ්, සෞදි රජු, රුසියානු ජනාධිපති පුටින් මෙන්ම බොලිවුඞ් නළු නිළියන් ඇතුළු ඉන්දියානුවන් 500 දෙනෙකු සහ සුප්‍රකට පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී ද මෙලෙස බදු පැහැර හැරීම ඇතුළු හේතූන් මත ඩොලර් බිලියන සංඛ්‍යාත ධනයක් සඟවා ඇති ස්ථාන පිළිබඳව පැනමා ලිපිවලින් තොරතුරු හෙළි කරනු ලැබීය.

No comments:
Post a Comment