ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මැතිවරණය ජයගැනීමට එක් පක්ෂයක් මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 36.5ක් ලබාගත යුතු බව මීට පෙර පැවැති මැතිවරණ ප්‍රතිඵලවලින් පැහැදිලි වන බව පැවසේ.
මේ අනුව වර්තමාන මහ ඇමැතිනී ජයලලිතා ජයරාම්ගේ ජයග්‍රහණය කෙසේද යන්න පැහැදිලි නොමැති බව එරට වාර්තා සඳහන් කර තිබේ.
මේ මස 16 වැනිදාට නියමිත ප්‍රාන්ත මැතිවරණ සම්බන්ධයෙන් මෙතෙක් කර ඇති සමීක්ෂණවලට අනුව සියයට 5.75ක පාවෙන ඡන්ද තුළින් මෙය තීරණය වන බව හෙළි වී ඇත.
ඒ හේතුවෙන්ම ජයලලිතාගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වන ඩී.එම්.කේ. පක්ෂ නායක කරුණානිධිට ජය ලැබිමේ ඉඩකඩක් තිබෙන බව හෙළි වී ඇත. ඊට අමතරව කොංග්‍රස් පක්ෂයේ ද සහාය කරුණානිධිට ලැබිම තුළින් ජයලලිතාගේ ජයග්‍රහණය අවදානමකට ලක්ව තිබේ. ජයලලිතාගේ ප්‍රාන්ත පාලන පක්ෂය වන ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂය 2011 වසරේ විශාල ජයක් ලබා පසුව 2014 මහ මැතිවරණයේ දී විශාල ජයක් ලැබිය.
ප්‍රාන්ත මැතිවරණවල දී කිසිදු පාලක පක්ෂයක් නැවත වරක් බලයට පත්වීමක් 1984න් පසු මතෛක් සිදුව නැත. ඒවා ද සැලකිල්ලට ගනිමින් කර ඇති මෙම සමීක්ෂණ තුළින් අනාවරණය වනුයේ ජයලලිතාට ජය ලැබිම අපහසු වනු ඇති බවය.
Tuesday, May 10, 2016
තමිල්නාඩු ප්‍රාන්තයේ මැතිවරණයෙන් ජයලලිතාගේ මහ ඇමතිකම ගිලිහෙන ලකුණු පහළ වේ.
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment