පිලිපීන නව ජනපති ලෙස රොඩ්‍රිගෝ ඩුටර්ටේ තේරී පත්ව ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි.
නව ජනපති ලෙස පත්වූ ඩුටර්ටේ දූෂණ පිටුදැකීම වෙනුවෙන් මැතිවරණයේදී පෙනී සිටියේය. ඔහු ඩාවාඕ නගරයේ හිටපු නගරාධිපතිවරයකු ද වෙයි. ඔහුගේ ප්‍රතිවාදියා වූ මැනුවල් රොක්සස් ඡන්ද මිලියන 9ක් පමණ හිමිකරගනිද්දී ඩුටර්ට් ඡන්ද මිලියන 14 කට වැඩි ප්‍රමාණයක් ලබාගෙන තිබිණි.
එරට වැසියන් රොඩ්‍රිගෝ ඩුටර්ටේ නව ජනපති ඩිගොන් යන නාමයෙන්ද හඳුන්වති. පිලිපීනයට නව ජනපතිවරයෙක්, උප ජනපතිවරයෙක් හා මන්ත්‍රීවරු තෝරාගැනීම සඳහා සඳුදා පැවැති මහ මැතිවරණය සඳහා මිලියන 55ක් ඡන්දය ලබාදීමට සුදුසුකම් ලබා සිටියහ.
Tuesday, May 10, 2016
පිලිපීන නව ජනපති ධුරය රොඩ්‍රිගෝ ඩුටර්ටේට.
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment