යළිත් වතාවක් මෙරට ව්‍යවස්ථාපිත නායකයා බවට පත්වීමට මහින්ද රාජපක්ෂ මහතාට ඉඩක් නොමැති බව දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් සංවිධායක නීතිඥ යූ.ජී.ඩී ආරියතිලක මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ අදහස් ප්‍රකාශකළේ පසුගිය 03වනදා ගාල්ල ලබුදූව දක්ෂිණපාය ප්‍රධාන අමාත්‍ය කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
" මේ රටේ ව්‍යවස්ථාව අනුව හෙට දවසේ ව්‍යවස්ථාව වෙනස් නොකලොත්, මේ පාර්ලිමේන්තුව දහනවයෙන් කරපු වැඩේ නැවත කළේ නැත්නම් ඉදිරි ජනාධිපතිවරණයට මහින්ද රාජපක්ෂ මහත්තයට ඉල්ලන්න බෑ. ඒ අනුව නැවත වතාවක් මෙරට ව්‍යවස්ථාපිත නායකයා බවට පත්වෙන්න එතුමාට ඉඩක් නෑ. මහින්ද මහත්තයා ඕන කියලා ඔය ව්‍යාපාරය ගෙනයන මිනිස්සු ඔය තත්ත්වය සාමාන්‍ය පුරවැසියට වඩා හොදටම දන්නවා.
මහින්ද ඕන කියලා මහින්දට කරන්න බැරි වැඩකට පක්ෂය කඩනවා. කාටද මේ ව්‍යාපාරයෙන් වාසි අත්වෙන්නේ. මෙය එක පැත්තකින් යූ.ඇන්. පී එකට වාසියි. අනික අපේ සමහර ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ හිතා ඉන්නවා මේ හැදෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා. නමුත් මේ හැදෙන්නේ වෙනම පක්ෂයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොවෙයි.
ඔය හදන පක්ෂයෙන් මහින්ද රාජපක්ෂ මහත්තයාට ඉල්ලන්න බැරිනම් කවුද ජනාධිපති අපේක්ෂකයා. දිනේෂ්, බැසිල්, ගම්මන්පිල, වාසු, ඩිව්, තිස්ස විතාරණ ද කියලා අවිනිශ්චිතයි. හැබැයි එකක් නිෂ්චිතයි. මහින්දට ආයෙත් නැවත වතාවක් මේ ව්‍යවස්තාව යටතේ ජනාධිපති වෙන්න බෑ."
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියාසිටියේ හෙට දවසේ මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා වුවත් ජනාධිපතිවරයා වන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතාම බවත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති වුවද එහි රාජකාරී කිරීමට සිදුවන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේම වන බවත් එම යථාර්ථය ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් තේරුම් ගනිමින් සිටින බවත් ය.
ගාල්ල - ලලිත් චාමින්ද

No comments:
Post a Comment