'මහින්ද ඉන්නේ නිවාස අඩස්සියේ' - බන්දුලගෙන් ප්‍රකාශයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 5, 2016

'මහින්ද ඉන්නේ නිවාස අඩස්සියේ' - බන්දුලගෙන් ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදවන විට නිවාස අඩස්සියට පත්ව ඇතැයි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

පසුගිය දා පැවැති මාධ්‍ය හමුවක් අතරතුර දී හිටපු ජනාධිපතිවරයාගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීම පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසී ය.

මේ වන විට ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන ඉලක්ක දෙක වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වන බව පැවසූ ගුණවර්ධන මහතා වැඩිදුරටත් අවධාරණය කළේ ආණ්ඩුව විසින් හිටපු ජනාධිපතිවරයාගේ චරිතය ඝාතනය කිරීම හමාර කොට ශාරීරික වශයෙන් ද ඝාතනය කිරීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරමින් සිටිනා බව යි.

තව ද මෙම ගැටළුව පාර්ලිමේන්තුව තුළ විමසීමෙන් පසු ඇති වූ ගැටුම ආණ්ඩුව විසින් නිර්මාණය කරගත්තක්වන බවත් එහි දී ප්‍රථමයෙන්ම ප්‍රහාරයක් එල්ල කළේ ආණ්ඩු පාර්ශවයෙන් බවත් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පවසා සිටියේ ය.

වීඩියෝව පහතින්....

No comments:

Post a Comment

Post Bottom Ad