පොලීසියට එරෙහි පැමිණිලි 1000ක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 16, 2016

පොලීසියට එරෙහි පැමිණිලි 1000ක්

පොලීසියට එරෙහි පැමිණිලි 1000ක්ගතවූ මාස 08ක පමණ කාලය තුළ මෙරට පොලීසියට එරෙහිව පැමිණිලි 1000ක් පමණ ලැබී ඇති බව පොලිස් කොමිසම ප්‍රකාශ කරයි.
ගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මෙම පැමිණිලි ලැබී ඇති බව එම කොමිසම සඳහන් කරයි.
බී.බී.සී ලෝක සේවය සමග පැවැති සාකච්ඡාවක දී පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කූරේ මහතා සඳහන්කළේ මේ වනවිට ලැබී ඇති පැමිණිලිවලින් 200ක් පමණ විභාග කොට අවසන් කර ඇති බවයි.
පොලිසිය සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි කාණ්ඩ 03ක් යටතේ වර්ග කළ හැකි බව ඒ මහතා ප්‍රකාශ කරයි.
පැමිණිල්ලක් සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක නොවීම මින් පළමු වැන්නයි.
පොලිසිය සිය බලය අභිබවා ක්‍රියාත්මක විම දෙවන කාරණය වන අතර පක්ෂග්‍රාහිව කටයුතු කිරිම තෙවන කරුණ වන බව සඳහන් වේ.

කෙසේවෙතත් පොලිසියට එරෙහිව ලැබී ඇති පැමිණිලි විමර්ශනය කිරිම පොලිස් කොමිසම සතු මූලික කාර්යයභාරය නොවන බව ආරියදාස කුරේ මහතා කියාසිටී.

පොලිස් නිළධාරින් පත් කිරිම, උසස්විම් ලබාදිම, ස්ථාන මාරු කිරිම සහ  විනය පාලන කටයුතු පොලිස් කොමිසම වෙත පැවරී ඇති ප්‍රධාන කාර්යයභාරයන් බව ද ඔහු වැඩිදුරටත් සදහන් කර සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad