ආණ්ඩුවට එරෙහිව බැසිල් කරළියට (VIDEO)    - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 6, 2016

ආණ්ඩුවට එරෙහිව බැසිල් කරළියට (VIDEO)   

මේ දිනවල දේශපාලන දඩයමට මුහුණපාමින් සිටින බව හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. 

ඔහු මේ බව පැවසූවේ අද(06) හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ 8වන ගුණානුස්මරණය නිමිත්තෙන් වැලිවේරිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

එබැවින් තමන් සී.අයි.ඩී එකට යන එන බවත් උසාවි යන එන බවත් කොමිෂන් සභාවලට යන එන බවත් රාජපක්ෂ මහතා පැවසී ය.
වත්මන් රජය ජනතා විරෝධීව කටයුතු කරන බැවින් ජනතාවගේ පාර්ශවයේ සිට ආණ්ඩු විරෝධීව කටයුතු කරන බව ඔහු අවධාරණය කළේය.

එම වීඩියෝව පහතින් නරඹන්න...

No comments:

Post a Comment

Post Bottom Ad