බෙංගමුවේ හිමිට මානසික ශක්තියක් - මහින්දට, කොබ්බෑකඩුවට, ෆොන්සේකාට දුන් උපදෙස් ගැන හෙළිවෙයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 5, 2016

බෙංගමුවේ හිමිට මානසික ශක්තියක් - මහින්දට, කොබ්බෑකඩුවට, ෆොන්සේකාට දුන් උපදෙස් ගැන හෙළිවෙයි (VIDEO)

පසුගිය යුද සමයේදී හමුදා මෙහෙයුම් සම්බන්ධයෙන් තමන්ට අවබෝධයක් තිබූ බවත් එය මෙහෙයුම් සිදු කරන ස්ථානවලට ගොස් ලබා ගත් අවබෝධයක් බවත් ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (04) රාත්‍රී හිරු නාලිකාවේ පැවති සලකුණ වැඩසටහනට එක්වෙමිනි.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් භාවනා කළ බවත් මනසින් ඇති කරගත් ශක්තියක්, බලයක් තමන්වහන්සේට තිබූ බවත් ඇතැම් කාරණා පිළිබඳ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාටත් දැනුම් දුන් බවත් නමුත් එම කාරණා කිහිපයක් හිටපු ජනාධිපතිවරයා ක්‍රියාත්මක නොකල බවත් බෙංගමුවේ නාලක හිමියෝ කීහ.

මෙහිදී එම වැඩසටහන මෙහෙයවූ නිවේදකයා උන්වහන්සේගෙන් ප්‍රශ්න කළේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා ඔබ වහන්සේ ලඟින් ආශ්‍රය කළ නිසා එතුමාව එම අනතුරින් වලක්වා ගැනීමට හැකියාවක් නොලැබුනේද යන්නයි.

ඊට පිළිතුරු දුන් බෙංගමුවේ නාලක හිමියෝ පැවසූයේ “එතුමාට කිව්වා ඇහුවේ නෑනේ. කොබ්බෑකඩුව මහත්තයට ඒ ගමන යන්න එපා කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා යන්නම වෙලා තියෙනවා. එහෙනම් මම කිව්වා පලාලිවලින් එහාට අඩියක් තියන්න එපා කියලා. ඒවගේ දැනුම්දීම් අපේ මනසට එනවා.“

එම වැඩසටහනේ වීඩියෝව පහතින් නරඹන්න...


 

No comments:

Post a Comment

Post Bottom Ad