මානසික රෝගියෙක් දුම්රියේ ගැටී මියයයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 5, 2016

මානසික රෝගියෙක් දුම්රියේ ගැටී මියයයි (PHOTOS)

මන්නාරම තාරාපුරම් ප්‍රදේශයේ හතරවන කිලෝමීටර කනුව අසල දී ඊයේ (04) කොළඹ සිට තලෙයිමන්නාරම දක්වා ගමන්ගත් දුම්රියේ ගැටී  පුද්ගලයෙකු මිය ගොස් ඇති බව මන්නාරම පොලීසිය සඳහන් කරයි.

අදාල පුද්ගලයා දුම්රියේ ගැටුනේ කෙලෙස ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැත. මන්නාරම පෙරියමඩු ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි හසන් නමැති පුද්ගලයෙකු එලෙස මිය ගොස් ඇත. එම පුද්ගලයා ඉකුත් 01 වැනි දා මන්නාරම් මහ රෝහලේ දී කිසියම් මානසික රෝගයකට ප්‍රතිකාර ලබා රෝහලින් පිට වූ පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණ වී තිබේ.

දුම්රියේ ගැටීමෙන් අනතුරු ව ඔහු එම ස්ථානයේදී ම මිය ගොස් ඇති අතර මළ සිරුර මේ වනවිට මන්නාරම් රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මන්නාරම පොලීසිය විසින් සිදු කරයි.

වන්නි - රොමේෂ් මධුෂංඛ

No comments:

Post a Comment

Post Bottom Ad