ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේනගේ පුත‍්‍රයා වන දහම් සිරිසේන සහ තවත් තිදෙනෙකුට බි‍්‍රතාන්‍ය වීසා ලබාගැනීම සඳහා විදේශ අමාත්‍යාංශය විසින් මැදිහත්වීමක් සිදුකර ඇති බව තහවුරු වී ඇත.
මේ පිළිබඳ ප‍්‍රවෘත්තියක් කළම්බු ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවිය විසින් මුල් වරට පළ කළ අතර එම පුවතේ අඩංගු කරුණු නිවැරදි කිරීම සඳහා මහජන සන්නිවේදනය පිළිබඳ වැඩබලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සත්‍යා රොද්‍රිගු විසින් යළි ලිපියක් යොමු කර ඇත.
එමගින් ඔහු පිළිගෙන ඇත්තේ දහම් සිරිසේන සහ තවත් තිදෙනෙකුට වීසා ලබාදෙන ලෙස නිර්දේශ කරමින් විදේශ අමාත්‍යාංශය විසින් බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට ලිපියක් යොමුකර ඇති බවයි. ජනාධිපති පුත‍්‍රයාට වීසා ලැබුණත් යම් හේතු කිහිපයක් නිසා අනෙක් තිදෙනාට වීසා ලබාදීම බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය විසින් ප‍්‍රතික්‍ෂේප කර ඇති බව එම ලිපියේ දැක්වේ.
මෙම පැහැදිලි කිරීම මගින් සිය පුවතේ මූලික කරුණු සියල්ල තහවුරු වන බව පවසා ඇති කළම්බු ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවිය පවසන්නේ අනෙක් තිදෙනා ලෙස සඳහන් වන දහම් සිරිසේනගේ මිතුරන් තිදෙනා බි‍්‍රතාන්‍ය වීසා සුදුසුකම් උල්ලංඝනය කර ඇති නිසා වීසා ලබාදීම ප‍්‍රතික්‍ෂේප කර ඇති අතර ඉන් කුපිතවූ විදේශ අමාත්‍යාංශය බි‍්‍රතාන්‍ය නියෝජ්‍ය මහකොමසාරිස් ලෝරා වේඩිස් කැඳවා ඒ පිලිබඳ විමසා ඇති බවයි.
මෙහිදී දහම් සිරිසේන සිදුකිරීමට උත්සහ කර ඇත්තේ සිය පියාගේ බලතල යොදාගනිමින් පුද්ගලයන් තිදෙනෙකු බි‍්‍රතාන්‍යයට නීතිවිරෝධී ලෙස රැගෙන යාමට බව කළම්බු ටෙලිග‍්‍රාෆ් චෝදනා කර තිබේ.
මූලාශ‍්‍ර – 01 02
Tuesday, April 5, 2016
තම මිතුරන් දෙදෙනෙකුට බි‍්‍රතාන්‍ය වීසා දෙන්නැයි ජනපති පුත් දහම් බලපෑම් කරලා..
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment