ශෙරිල් ඩෙකර් සහ රුවන් හෙට්ටිආරචිචි කියනනේ හරි ආදරණීය යුවළක්. ප්‍රේම සම්බන්ධතාවයේ නිසි ප්‍රතිඵල අත් කර ගනිමින් විවාහ වී බොහෝ සතුටින් කල් ගෙවන රුවන්ට සහ ශෙරිල්ට කට කතා නම් බොහෝ ප්‍රමාණයක් හැදුනා.
ඒ අතරින් එයාලා දික්කසාද වෙන්න යනවා කියලා කතාවකුත් ශීඝ්‍රයෙන් හුවමාරු උනා. කොහොම උනත් කට කතා මැදින් ඒ දෙන්නගේ ආදරේ සහ දියුණුව නම් දවසින් දවස දළු දාන බවක් තමයි පේන්න තියෙන්නේ. රුවන් හෙට්ටිආරචිචි මාධ්‍ය වෙත දැක් වූ අදහස් තමයි මේ,
* ‘දුක වැඩි නෙතේ’ ගීතය ලක්ෂ 50 ක් බලලා තියෙනවා කියලා ආරංචි?
ඔව්, මේ වෙද්දි මේ ගීතය ලක්ෂ 50 කට වැඩි පිරිසක් නැරඹූ බව දත්ත වාර්තාවල සඳහන් වෙනවා.
* මෙහෙම ලක්ෂ ගාණක් නැරඹූ ගීත ගැන බොහෝ වාර්තා තිබෙනවා නේද?
ගීත රූප රචනය youtubeවල විවිධ චැනල්වලට අපි දානවා. ඒ එක් එක් චැනල්වලින් නැරඹූ ප්‍රමාණය සටහන් වෙනවා. ඒ සියලු සංඛ්‍යා එකතු කළහම තමයි ඒ ගීතය නැරඹූ ප්‍රමාණය තීරණය වෙන්නේ. ඒ විදිහට තමයි ගොඩක් අය තමන්ගේ ගීත ලක්ෂ ගානක් බැලුවා කියලා කියන්නේ. මගේ මේ ගීතය youtube එකේ සියලු චැනල්වල නරඹපු ඒවා එකතු කළොත් ලක්ෂ 75 කට වැඩී. මම මේ කියන්නේ එක චැනල් එකක විතරක් ලක්ෂ 50 අභිබවා ගිය ගීතය මගේ ගීතය කියලා.
ඔවුන් දෙදෙනාගේ ඡායාරූප හිහිපයක් පහතින්,
Wednesday, April 6, 2016
ශෙරිල් එක්ක රුවන් වාර්තාවක් තියලා
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment