හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‌ෂාවට යොදවා සිටි හමුදා අනුඛණ්ඩය ඉවත් කර ඒ වෙනුවට ප්‍රභූ ආරක්ෂක පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව භාරව සිටි හමුදා භටයන් සිය දෙනාගෙන් පනහක් ඉවත්කර ඇමති ආරක්‌ෂක අංශයේ පොලිස් නිලධාරීන් පනහක් යොදවා ඇතැයි වාර්තා වේ.
මේ අතර හිටපු ජනපතිවරයාට ලබා දී ඇති ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් අතර අමාත්‍ය සරත් ෆොන්සේකාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියාත් සිටින බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ හමුදා නිලධාරීන් ඉවත් කර මෙසේ පොලිස් නිලධාරීන් යෙදවීම ගැන ප්‍රශ්නයක් මතුවෙන බවත් ලබන 10 වැනිදායින් පසු ඉතුරු හමුදා භටයන් පනස් දෙනාත් මාරු කිරීමට නියමිතව ඇති බවත්ය.
තමාගේ ආරක්‌ෂාව පිළිබඳ සැලකිලිමත් නොවීම ගැන කනගාටුවෙන අතර මෙවැනි ක්‍රියාමාර්ගයක් හදිසියේ ගැනීම ගැන තමා පුදුමයට පත්වෙන බවද මහින්ද රාජපක්ෂ මහතා පැවසී ය.

No comments:
Post a Comment