අඩෝ උඹ දන්නවද ඩෝ මම කවුද කියලා.. දැනගනින් පරයා..” යෑයි ගුගුරමින් සුඛෝපභෝගී ජීප් රථයක පැමිණි පුද්ගලයකු ඊයේ (5 වැනිදා) දහවල් “දිවයින” මාධ්‍යවේදියකුට බැණවැදී ඔහු ගමන් කරමින් සිටි කාර්යාල රථයේ රියෑදුරාට කොළඹ බෞද්ධාලෝක මාවතේ විඡේරාම හන්දිය අසලදී පහර දෙනු ලැබීය.
ඒ කුරුඳුවත්ත පොලිසියේ පොලිස් නිලධාරියකුගේ අවවාදද තුට්‌ටුවකට මායිම් නොකරමිනි. සිද්ධිය වන අවස්‌ථාවේ “දිවයින” මාධ්‍යවේදියා සිටියේ කිරුළපන පැවැති බොදුබල සේනා සංවිධානයේ මාධ්‍ය හමුවක් ආවරණයට කාර්යාලීය රථයකින් ගමන් කරමිනි. “දිවයින” රථය බොරැල්ල කනත්ත හන්දියේ බෞද්ධාලෝක මාවත ඔස්‌සේ ටොරින්ටන් දෙසට යැම සඳහා ගමන් කරමින් තිබිණ.
මේ අතරේ ඉදිරියෙන් පැමීණි සුඛෝපභෝගී ජීප් රථයක් මාධ්‍යවේදියා ගමන් කළ රථය පිළිබඳ කිසිදු තැකීමක් නොකර එක්‌වරම විඡේරාම හන්දියෙන් හැරවීමට සුදානම් විය.
නමුත් ඒ මොහොතේ “දිවයින” රියෑදුරුට ඊට ඉඩදීම සඳහා මාර්ගයේ ඉඩ නොතිබීමෙන් හේ රථය ඉදිරියට ධාවනය කළේය. ඒ සමගම ඉන් ප්‍රකෝපයට පත් සුඛෝපභෝගි රථයේ පැමිණි අය ඉහත සඳහන් පදිරි පාදඩයකු සේ දිවයින රියෑදුරුට සහ මාධ්‍යවේදියාට බැණ වදිමින් සිය ජීප් රථයද පාර මැද නතර කර එයින් බැස පැමිණ පහර දීමට සූදානම් වී ඇත.
මේ අවස්‌ථාවේ කුරුඳුවත්ත පොලිසියේ රථවාහන පොලිස් නිලධාරියකු පැමිණ ජීප් රථයේ පැමිණි අයට අවවාද කර පිටයත් වන ලෙස පවසා යළි ආපසු හැරීයත්ම සුඛෝපභෝගී රථයේ පැමිණි චණ්‌ඩියා “දිවයින” රියෑදුරුට වැරෙන් පහර කිහිපයක් එල්ල කර යළි දිවයමින් ජීප් රථයේ නැගී පලා ගොස් ඇත.
එම ජීප් රථයේ අංකය කේ. ඡේ. 6245 ලෙස අංක තහඩුවේ සටහන්ව තිබිණ. පසුව අප කළ සොයා බැලීමේදී එම රථය කලින් පැවති ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ ලියාපදිංචි කෙරුණක් බවද දැනගැනීමට හැකි විය.
ඒ අනුව පැහැදිලි කරුණු වන්නේ දැන් මෙය යහපාලන රජයේ වාහනයක් බවය. එසේ නම් රජයේ බලධරයනි. මේ චණ්‌ඩියා කවරෙක්‌ද? ඔහුව හඳුනා ගැනීමට පහසුව පිණිස අපි ඒ පාදඩ මැරයාගේ ඡායාරූපයක්‌ද මෙහි පළ කරන්නෙමු. මේ මැරයා ඊයේ යහපාලනය බෞද්ධාලෝක මාවත දිගේ දෝරේ ගලා යෑව්වේය.
මේ පුද්ගලයා කවුද? කවුරුන් හෝ දේශපාලනඥයකුගේ බත් බැලයෙක්‌ද? එසේ නැතිනම් ඇඟපුරා මොලේ ඇති නහර වැඩි වූ දේශපාලන පුත්‍රයෙක්‌ද? සිද්ධිය සම්බන්ධයෙන් දිවයින මාධ්‍යවේදියා සහ රියෑදුරු ඊයේ කුරුඳුවත්ත පොලිසියට ගොස් මේ පිළිබඳ පැමිණිල්ලක්‌ද සිදු කරනු ලැබූහ. ඉතින් අපි බලා සිටිමු.
සමන් ගමගේ
– දිවයින
Wednesday, April 6, 2016
මද කිපුනු යහපාලක ඇමති ගෝලයෙක් දිවයින මාධ්‍යවේදියාට ගුටි අනී.. මෙන්න පින්තූර..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment