ශ‍්‍රිලනිපයේ රහස් සාකච්ඡාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 10, 2016

ශ‍්‍රිලනිපයේ රහස් සාකච්ඡාවක්

සියලු පාර්ශව එක්කර ගනිමින් මෙවර මැයි රැලිය පැවැත්වීමට ගන්නා උත්සාහය තවමත් අත්හැර නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 

ඊයේ (09) පෙරවරුවේ මහනුවර ප‍්‍රදේශයේ සංචාරයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මහින්ද අමරවීර මහතා ඊයේ මහනුවරට පැමිණියේ අස්ගිරි පාර්ශවයේ අභිනව මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන මහ නාහිමියන් බැහැ දැකීම සඳහායි. 

අමාත්‍යවරයා ඉන් අනතුරුව මාතලේ දිස්ත‍්‍රික් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ක‍්‍රියාකාරීන්ගේ සමුළුවටද සහභාගී වූ අතර එහිදී සිය කථාව ඉදිරිපත් කරන අතරතුර අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේ මාධ්‍යට හෙළි කළ නොහැකි කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමට ඇති බැවින් එම ස්ථානයෙන් ඉවත් වන ලෙසයි.   

මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා, හිටපු අමාත්‍ය නන්දිමිත‍්‍ර ඒකනායක, රෝහණ දිසානායක ඇතුළු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ක‍්‍රියාකාරීන් රැසක් එක්ව සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad