පස් මසකට පසු කියුබාව ෆිදෙල් කැස්ත්‍රෝගේ ඡායාරූප නිකුත් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 4, 2015

පස් මසකට පසු කියුබාව ෆිදෙල් කැස්ත්‍රෝගේ ඡායාරූප නිකුත් කරයි

මාස පහකට පසු ප්‍රථම වරට කියුබාව ෆිදෙල් කැස්ත්‍රෝගේ ඡායාරූප කීපයක් නිකුත් කිරීමට පියවර ගත්තේය. 88 හැවිරිදි හිටපු කියුබානු නායකයා විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් සමඟ සජීවි සංවාදයක යෙදී සිටින අයුරු එම ඡායාරූපවල දැක්විණි.

පසුගිය සඳුදා මධ්‍යම රාත්‍රියේ කියුබාවේ ප්‍රධාන රාජ්‍ය මාධ්‍ය වෙබ් අඩවිවල ඔහුගේ ඡායාරූප දුසිම් දෙකකට ආසන්න ප්‍රමාණයක් පළ කර තිබිණි.

ඒවායේ දක්වා තිබුණේ කියුබාවේ ප්‍රධාන ශිෂ්‍ය සංගමයක නායකයකු සමඟ කැස්ත්‍රෝ වර්තමාන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරන අන්දමයි. එහිදී ශිෂ්‍ය සංගම‍ෙය් නායක රැන්ඩි පර්ඩුමෝ පවසා සිටියේ ජනවාරි 23 වැනිදා එම හමුව පැවැති බවයි.

ඒවා අතර වු මුල් ඡායාරූපවල ඔහු විප්ලවවාදී නායකයකුව සිටි අවධිය දැක්විණි. ඒ අතර වෙනිසියුලාවේ ජනාධිපති නිකොලොස් මඩුරෝ සමඟ සාකච්ඡා කෙරෙන ඡායාරූපයක් ද විය.

හිටපු නායකයාගේ නිවසේ පැවැති මේ හමුව පැය 3කට අධික කාලයක් පැවතුණ බවත් එහිදී කැස්ත්‍රෝ හවානා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා වසර 70ක් පිරීමේ සංවත්සරය ද සැමරූ බව පර්ඩුමෝ ප්‍රකාශ කළේය.

පූර්ණ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි තහවුරු කර ගැනීම පිණිස කියුබාවත්, එක්සත් ජනපදයත් අතර ඇති වූ සංහිඳියාවේ එක් පියවරක් වශයෙන් කියුබානු බුද්ධි අංශ නියෝජිතයන් තිදෙනකු නිදහස් කිරීම පිළිබඳව එහිදී සාකච්ඡා කෙරුණු බව ශිෂ්‍ය සංගම් නායකයා පවසා සිටියේය. 

ඔවුන් නිදහස් කිරීම පිළිබඳ පළමු පුවත්පත් වාර්තා කීපයක් කැස්ත්‍රෝ විසින් පරීක්ෂා කරන අන්දමද ඒ ඡායාරූපවල දක්වා තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad