තායිවාන ගුවන් යානයක් ගංඟාවකට කඩා වැටේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 5, 2015

තායිවාන ගුවන් යානයක් ගංඟාවකට කඩා වැටේ

තායිවානයේ ට්‍රාන්ස්ඒෂියා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් තායිපේ නුවර ගංඟාවකට කඩා වැටීමෙන් පුද්ගලයින් 8 දෙනෙකු මිය ගොස් තිබේ.

එම යානය අනතුරට ලක් වන විට පුද්ගලයින් 58 දෙනෙකු එහි සිට ඇති අතර අනතුරින් තව ත් පිරිසක් තුවාල ලබා ඇති බව බී.බී.සී. ලෝක සේවය වාර්තා කරයි.

උඩු ගුවනේ සිට පහළට පතිත වූ යානය අධිවේගී මාර්ගයක ආරක්ෂක වැටක ගැටී අනතුරුව ගඟට කඩා වැටී තිබේ.

කිලුන්ග් නැමති ගංඟාවට කඩා වැටී ඇති එම යානයේ බඳ තුළ තවදුරටත් පුද්ගලයින් සිර වී ඇත්දැයි සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගුවන් යානය කඩා වැටුණු බවට දැනට සැකකරන අතර මෙම ගුවන් යානය තායිවානය තුළ අභ්‍යන්තර ගුවන් සේවා සඳහා යොදා ගත් එකක් බව වාර්තා වේ. 

No comments:

Post a Comment

Post Bottom Ad