බොදු බල සේනා රජයෙන් අසයි
ඉන්දියාවේ ආහාර නීතිරීති උල්ලංඝනය කර නිපදවූ බවට තහවුරුවූ මිනිස් සිරුරට හානිකර මැගී නූඞ්ල්ස් විශාල තොගයක් වෙළෙඳපොලින් ඉවත්කර විනාශ කිරීමට එරට නෙස්ලේ සමාගම පියවර ගත්තේ පසුගියදාය.
ඊට බලපෑවේ ඉන්දීය රජයේ ආහාර පර්යේෂණ බලධාරීන් එම රසායනික පිළිබඳ සොයා බලා අදාළ සමාගම නීතිවිරෝධී ලෙස ඒවා මහජන පාරිභෝජනයට යොමු කර ඇති බවට පෙන්වාදීම නිසාය.නමුත් මෙම නිෂ්පාදනය සම්බන්ධයෙන් ලංකාවේ රජය නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම ගැටලූ සහගත බව බොදු බල සේනා සංවිධානය පෙන්වා දෙනවා.
එම්එස්ජී නමින් හඳුන්වන මොනොසෝඩියම් ග්ලූටාමේට් සංඝඨකය සම්බන්ධයෙන් මෙම අර්බුදය හටගත් අතර එය මිනිස් සිරුරට අහිතකර බැවින් නූඞ්ල්ස්වල අන්තර්ගතකිරීම නිසා මැගී නූඞ්ල්ස් ඉන්දීය බලධාරීන් විසින් තහනම් කෙරිණි.
ඉන්දියාවේ නූඞ්ල්ස් වෙළෙඳපොළ තුළ සියයට 80 ක් අලෙවි වන්නේ මැගී නූඞ්ල්ස්ය. නීතිය ප‍්‍රකාරව වෙළෙඳපොලින් ඉවත්කර විනාශ කිරීමට නෙස්ලේ සමාගම පියවර ගත් මැගීනූඞ්ල්ස් වටිනාකම ඩොලර් මිලියන 50 ක පමණ විශාල තොගයකි.
අදාළ නූල්ඞ්ස් වර්ගය තහනම සිදු වී මාසයකට ආසන්න කාලයක් ගත වුවද ලංකාවේ බලධාරීන් විසින් ප‍්‍රමාණවත් ක‍්‍රියාමාර්ග ගෙන නොමැති බව බොදු බල සේනා සංවිධානය ලිපියක් මගින් රාජ්‍ය ආයතන කිහිපයක් ඇනුවත් කර ඇත. එම සංවිධානය පෙන්වා දෙන්නේ මෙම අහාර පාසල් සිසුන් හා තරුණයින් අතර බහුලව භාවිත වන බැවින් ඔවුන්ගේ සෞඛ්‍යයට විය හැකි බලපෑම සලකා බලා සුදුසු තීරණයක් ගත යුතු බවය.
ඒ අනුව බොදු බල සේනා සංවිධානය විසින් ජනාධිපති ලේකම්,අග‍්‍රාමාත්‍ය ලේකම්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය ,අහාර සුරක්ෂිතතාව පිලිබඳ අමාත්‍යංශය ,සෞඛ්‍ය අමාත්‍යංශය, විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය කොමාසරිස් සහ පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය දැනුවත් කර ඇත.
අදාළ ලිපිය මගින් ඔවුන් තවදුරටත් පෙන්වා දෙන්නේ මෙම නිෂ්පාදන වලට හලාල් සහතිකය 2015 දී ලැබීමද ගැටළු සහගත බවය.
මෙලෙස හලාල් සහතික නිකුත්කිරීම නවත්වන බව උලමා සංවිධානය පොරොන්දු වුවද සංවිධානය මෙම සහතික නිකුත් කර ඇති බවද එම ලිපියේ සදහන්ය.
අදාළ සහතික නිකුත් කිරීමට ඔවුන්ට ඇති බලය,ඔවුන්ට එම බලය දුන්නේ කවුරුන් විසින්ද,මුදල් අය කිරීමට ඇති බලය,ඊයම් වැනි දේ විද්‍යාත්මකව පරීක්ෂා කිරීමට ඇති තාක්ෂණික හැකියාව හා විශ්වාසනීයත්වය වැනි කරුණුද ගැන සොයා බැලිය යුතුයැයි ද එම ලිපියේ තවදුරටත් සදහන්ය.
Friday, June 19, 2015
ඉන්දියාවේ තහනම් කරපු මැගී නූඞ්ල්ස් ලංකාවේ තහනම් නැත්තේ ඇයි?
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment