ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර සම්බන්ධීකරණයට පත් කළ 6 දෙනෙකුගෙන් යුතු කමිටුව අද(19) පස්වරුවේ ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.
රජයේ ආරංචි මාර්ග පවසන්නේ මේවන විට එම කමිටුවේ සාමාජිකයින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත බවයි.
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහයෝගය ලබා ගැනීමේ කටයුතු සම්බන්ධීකරණ කටයුතු සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය 16 වැනිදා කමිටුවක් පත් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රී ලනිප ජ්‍යෙෂ්ඨ උපසභාපති ජෝන් සෙනෙවිරත්න, උප සභාපති කුමාර වෙල්ගම, මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා හා ටී.බි ඒකනායක යන මහත්වරු මෙම කමිටුවේ සාමාජිකයෝ වෙති.
කෙසේවෙතත් ඊයේ (18) නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ටී.බී. ඒකනායක මහතා පැවසූවේ ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවශ්‍යතාව ලිඛිතව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ඉදිරිපත් කිරීමට හයදෙනාගේ කමිටුව තීරණය කළ බවත්, ඉදිරියේදී ජනාධිපතිවරයා මුණගැසෙන අවස්ථාවේදී මෙම ලිඛිත ඉල්ලීම ජනාධිපතිවරයා වෙත භාරදෙන බවත්ය.

No comments:
Post a Comment