මහින්දගේ වෛද්‍යවරයා හා හෙදිය ඉවත් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 19, 2015

මහින්දගේ වෛද්‍යවරයා හා හෙදිය ඉවත් කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වෛද්‍ය කාර්ය මඬුල්ලට යුද හමුදාව මගින් අනුයුක්ත කර සිටි වෛද්‍යවරයා හා හෙද නිලධාරිනිය පෙරේදා (17) පස්වරු 6.00 සිට බලපැවැත්වෙන පරිදි නැවත යුද හමුදා රෝහල වෙත ආපසු කැඳවා තිබේ.

ඔවුන් දෙදෙනාට පෙරේදා (17) පස්වරු 6.00 වන විට යුද හමුදා රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත වාර්තා කරන ලෙස නියෝග ලැබි තිබුණු බවද ආරංචි මාර්ග පවසයි.

හිටපු ජනාධිපතිවරයාගේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට අනුයුක්ත කර තිබූ අනෙක් වෛද්‍යවරයා හා හෙද නිලධාරිනියන් මීට පෙර වතාවකදී ආපසු කැඳවා තිබුණු අතර ඉන් පසුව එම කාර්ය මණ්ඩලයේ කටයුතු කළේ පෙරේදා සිට ඉවත් කරනු ලැබූ වෛද්‍ය නිලධාරියා හා හෙද නිලධාරිනිය පමණක් බවද ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

මංජුල ප‍්‍රදීප් වීරසූරිය

No comments:

Post a Comment

Post Bottom Ad