මහින්දගේ ආරක්ෂාව ගැන මෛත්‍රී හෙළිකරයි (VIDEO)  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 10, 2016

මහින්දගේ ආරක්ෂාව ගැන මෛත්‍රී හෙළිකරයි (VIDEO) 

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා හමුදාව ලබාදී ඇති නමුත් තමන්ගේ ආරක්ෂාව සඳහා එක හමුදා භටයෙක්වත් ළඟ තබාගෙන නැති බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසූවේ ඊයේ (09) මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය අමතමිනි. 

හිටපු ජනපතිගේ ආරක්ෂාව අඩුකර ඇතැයි කියමින් පිරිසක් කෑ ගසමින් සිටින බවත් ඡන්දයෙන් පැරදී  ගෙදර යාමට හෙලිකොප්ටර්, ආරක්ෂාවට තමා කැමති පරිදි යුද හමුදාවේ උසස් නිලධාරීන් හා අධි ආරක්ෂිත වෙඩි නොවදින වාහන රැගෙන ගිය නායකයෙකු වෙනත් රටකින් සොයා සොයා ගැනීමට නොහැකි බවත් ඒ මහතා පෙන්වාදෙයි.

ජනාධිපතිවරණයෙන් පසු ජනවාරී 10 වැනිදා තමන් මෙම සියලු දේ රැගෙනයාමට හිටපු ජනාධිපතිවරයාට ඉඩ දුන් බවත්, පසුගිය ජනාධිපතිවරණයෙන් තමන් පරාජයට පත්වූවානම් මේ කිසිවක් තමන්ට නොලැබෙන බවත් එය තමුන්නාසේලා තමන්ගේ හෘද සාක්ෂියෙන් ඇසිය යුතු බවත් ජනපති කීවේය.

ජනාධිපතිවරයා ලෙස තමන් හිටපු ජනපතිගේ ආරක්ෂාව අඩු කිරීමට කිසිදු පියවරක් ගෙන නැති බවද තමන් ළඟ ඇත්තේ හිටපු ජනපති පාවිච්චි කරන ආරක්ෂිත වාහනවලට වඩා සෙකන්ඩ් හෑන්ඩ් ඒවා බවද හෙතෙම පෙන්වා දුන්නේය.

පසුගිය කාලයේ  මහින්ද රාජපක්ෂ මහතා හා සරත් ෆොන්සේකා මහතා විදුලි පුටු ගැන කියමින් රට වටා ගිය බවද තමා බලයට පත් වූ පසු විදුලි පුටුවට හා ජාත්‍යන්තර යුද අධිකරණයට යාමට තිබූ අවස්ථා නැති කළ බවද පෙන්වාදුන් ජනාධිපතිවරයා දැන් ඔවුන් පාර්ලිමේන්තුවේ සැප පුටුවල වාඩිවී සිටින බව ද කියා සිටියේය.

එම වීඩියෝව පහතින් නරඹන්න...

No comments:

Post a Comment

Post Bottom Ad