ගම්මන්පිලගේ ඇමතිකම ගන්න හතර දෙනෙක් පොරේ.. ජනපති හොඳ උත්තරයක් දෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 5, 2015

ගම්මන්පිලගේ ඇමතිකම ගන්න හතර දෙනෙක් පොරේ.. ජනපති හොඳ උත්තරයක් දෙයි..

උදය ගම්මන්පිල මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු ව ඇති බස්නාහිර පළාත් කෘෂිකර්ම පරිසර වාරිමාර්ග හා කර්මාන්ත අමාත්‍ය ධූරය ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් කීපදෙනෙක්ම තමනට ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇති බව වාර්තා වේ.

සිසිර ජයකොඩි, ඉසුරු දේවප‍්‍රිය, නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ යන මන්ත‍්‍රීවරුන් සහ හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවියද මෙම අමාත්‍ය ධූරය ලබාදෙන  ලෙස ඉල්ලීම් කර තිබෙන බව බස්නාහිර පළාත් සභා ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී ඇත්තේ මහ මැතිවරණය අවසන් වන තෙක් එම ඇමති ධුරය මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා යටතෛ් පවත්වා ගෙන යන ලෙසය.

No comments:

Post a Comment

Post Bottom Ad