නිව්යෝක් ටයිම්ස් පුවත්පතට ලිපියක් යොමුකරමින් ඔහු පවසා ඇත්තේ 2009දී ත‍්‍රස්තවාදය පරාජය කරමින් රටේ පාලනය ඒකාධිපතිවාදයක් දක්වා ගෙන ගිය මහින්ද රාජපක්‍ෂ පාලනය ජනාධිපතිවරණයකින් පරාජය කිරීම ලංකාව මෙන්ම විදේශයන් පවා මවිතයට පත් කළ බවයි.
දශකයකට පමණ පසු ශ‍්‍රී ලංකාවට නව පරිච්ෙඡ්දයක් ඇරඹීමට අවස්ථාව ලැබී ඇති බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී විසින් පවා පවසනු ලැබූ බව ගුඞ්මන් සඳහන් කර ඇත.
නව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පොරොන්දුවී ඇති මාධ්‍ය නිදහස, අධිකරණයේ ස්වාධීනත්වය හා සුළුතර ආගමික හා වාර්ගික ජන කණ්ඩායම්වල අයිතීන් සුරක්‍ෂිත කිරීම ආදිය ඉටු කිරීමට නම් පරාජයට පත් රාජපක්‍ෂ රෙජිමය යළි බලයට පත්වීම වැළැක්වීම නව රජය මුහුණදී ඇති ප‍්‍රධාන අභියෝගයක් වී ඇති බවද ඔහු පවසා තිබේ.
මහාචාර්ය ගුඞ්මන් යෝජනා කර ඇත්තේ මෙහිදී ඇමරිකාවට ලාංකේය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ජයග‍්‍රහණය ආරක්‍ෂා කිරීම සඳහා සුවිසල් වැඩකොටසක් කළ හැකි බවයි.
ඒ සඳහා ඇමරිකානු පුරවැසියකු වන හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට විරුද්ධව 1996 යුධ අපරාධ පණත යටතේ නඩු පැවරිය හැකි බවත් එවැන්නකින් රාජපක්‍ෂවරුන්ගේ සැලසුම් දුර්මුඛ වනු ඇති බවත් රයන් ගුඞ්මන් යෝජනා කර ඇත.

No comments:
Post a Comment