19 ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ශ‍්‍රීලනිපයට.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 5, 2015

19 ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ශ‍්‍රීලනිපයට..

19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙරෙ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත බාරදී ඇත.

එම කෙටුම්පත විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් බාර දී ඇති අතර කැබිනට් අමාත්‍යංශ ධූර සංඛ්‍යාව 30කට සීමා කිරීම 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටහේ පිහිටුවන  ලද ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කිරීම විධායක ජනාධ්පතිවරයාට ධූරය දැරීමට හැකි වාර ගණන පිළිබදව සීමාව ඉවත් කරමින් ගෙනෙන ලද 18 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම යනාදී යෝජනා 19 වැනි සංශෝධන කෙටුම්පතට ඇතුළත්ය.

19 වැනි ව්‍යවස්ථා  සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ජන්දයෙන් සම්මත කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය අත්‍යවශය බැවින් ඔවුන්ගේ අනුමැතිය සදහා එම කෙටුම්පත ශ‍්‍රීලනිපයට භාර දී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad