විදුලිබල ලොක්කන්ගේ වැටුප් ගැන හෙළිදරව්වක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 8, 2016

විදුලිබල ලොක්කන්ගේ වැටුප් ගැන හෙළිදරව්වක්

ලංකා විදුලිබල මණ්ඩලයේ අර්බුද සහ එහි පාලනාධිකාරිය පිළිබඳ පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු කිහිප දෙනෙක් ඊයේ (07) පාර්ලාමේන්තුවේ දී සිය අදහස් දක්වා තිබේ.

විදුලිබල අර්බුද පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයට එක් වෙමින් ඔවුහු එම අදහස් දැක්වීම් සිදු කර ඇත.
විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා තවත් සමාගම් 15 ක සභාපතිවරයෙකු ලෙස වැඩ කරන බව එහි දී පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා කියා සිටියේ ය.

විදේශයන්හි තිබෙන විදුලිබල මණ්ඩල වුව ද මිල දී ගැනීමට තරම් වූ වත්කම් ලංකා විදුලිබල මණ්ඩලයේ සිටින ඇතැම් නිලධාරීන් සතුවන බවත් ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කළහොත් එය මිල දී ගැනීම පවා ලංකා විදුලිබල මණ්ඩලයේ  නිලධාරීන් විසින්ම සිදුකරනු ඇති බවත් ඔහු පැවසී ය.

විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයාගේ මූලික වැටුප රුපියල් 419,380 ක් බවත් සියලු දීමනා සමග ඔහුගේ වැටුප රුපියල්  996,863ක් බවත් එහි දී පාඨලී රණවක මහතා සඳහන් කළේ ය. එසේම අතිරේක සාමාන්‍යාධිකාරීවරයාගේ මූලික වැටුප රුපියල් 340,645 ක් බවත්, සියලු දීමනා සමග ඔහුගේ සම්පූර්ණ වැටුප රුපියල් 787,810 ක් බවත් ඔහු කියා සිටියේ ය. 

එසේම එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාගේ මූලික වැටුප රුපියල් 232,860ක්වන අතර, සියලු දීමනා සහිතව රුපියල් 564,674 ක වැටුපක් ඔහුට ලබාදෙන බව ද හෙතෙම සඳහන් කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad