පැනමා පත‍්‍ර වලින් මෙගා ඞීල් හෙලි වෙයි.. ලංකාවේ ලයිස්තුව මෙන්න… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 8, 2016

පැනමා පත‍්‍ර වලින් මෙගා ඞීල් හෙලි වෙයි.. ලංකාවේ ලයිස්තුව මෙන්න…

ලෝකය පුරා විවිධ පුද්ගලයින් විසින් සඟවා ඇති අයථා වත්කම් හෙලි කර ඇති පැනමා පත‍්‍ර මඟින් මෙරට විවිධ ක්‍ෂෙත‍්‍රයන් නියොජනය කරන පුද්ගලයින් 46 දෙනෙකුගේ නම් හෙළි දරවු කර ඇත.

මෙහි දැක්වෙන්නේ පැනමා පත‍්‍ර මගින් හෙළි කර ඇති එම නාම ලේඛණයයි. (Link)

මෙම නාම ලේකනයේ සිටින අවසාන පුද්ගලයා වන විද්‍යා දිල්රුක් අමරපාල ලංකා විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙක් වන අතර වසර 20කට වැඩි කාලයක් තිස්සේ ඇමති චම්පික රණවකගේ සමීප මිතුරෙකි. ධර්මපාල විදුහලේ ආදිසිසුවෙකු වන මෙම පුද්ගලයා 1997 දී පිහිටුවන ලද ත‍්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරයේද ආරම්භක සාමාජිකයෙකි. එකල්හිද චම්පික රණවක මහතාට යාන වාහන සැපයීම ඇතුළු මුල්‍යම උපකාර අමරපාල මහතා විසින් කරන ලදී.

පසුගිය රජය සමයේ විදුලි බල ඇමතිවරයා ලෙස චම්පික රණවක පත් කලක පසු ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කරන ලද්දේද විද්‍යා අමරපාලයි. ලංවිම විදුලි ඉංජිනේරුවන් විවිධ අවස්ථාවන්හිදි සභාපතිවරයාට එරෙහිව විරෝධතා දැක්වුවද සභාපතිවරයාට කිසිදු ගැටළුවක් සිදු වූයේ නැත.

එකල ආරම්භ කරන ලද නොරොච්චෝලේ විදුලි බලාගාරය ඉදි කිරීමට පැමිණි චීන සමාගමෙන් ඩොලර් මිලියන දෙකක මුදල් ජාතික හෙළ උරුමයේ පක්‍ෂ අරමුදල සඳහා ඉල්ලා තිබූ බවද එම පක්‍ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කලේය. ජාතික හෙළ උරුමයේ ඉහල සාමාජිකයන් අතර එකල්හි පැවති මතයක් වූයේ ඇමති චම්පික රණවකගේ මුදල් ඇත්තේ විදයා අමරපාල ලඟ බවයි. ‘චම්පිකගේ බැසිල්’ ලෙසද එකල ඔහුට රහස් නමක් පටබැඳ තිබින.

උපුටා ගැනීම – ෆේස්බුක්

No comments:

Post a Comment

Post Bottom Ad