දෙදරු පියා වැස්සියක් ලඳු කැලෑවකට ගෙනිහින් ලිංගික අතවර කරලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 5, 2016

දෙදරු පියා වැස්සියක් ලඳු කැලෑවකට ගෙනිහින් ලිංගික අතවර කරලා

ගෙවත්ත බැද සිටි එළ ගවයෙකුව සොරකම් කරගෙන ගොස් එම සතාට ලිංගික හිංසාවක් කළ බව කියන අයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව පුත්තලම පොලීසිය කියයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කොට්ටුකච්චිය - ගල්කුලමලකන්දයාය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු විවාහකයෙකු බවත්, ළඳරුවන් දෙදෙනෙකු සිටින බවත් පොලීසිය පවසයි.

තම ගෙවත්තේ බැද සිටි එළ වැස්සියව හොර රහසේ ලදු කැලෑවකට ගෙන ගොස් සැකකරු විසින් ලිංගිකව එක්වී ඇති බවට ගල්කුලම - කන්දයාය පදිංචි 66 හැවිරිදි කාන්තාවක පුත්තලම පොලීසියට පැමිණිලි කරමින් පවසා ඇත.

ඒ අනුව සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු පැමිණිලිකාරියගේ අසල්වැසියෙක් බව අප වාර්තාකරු පැවසුවේය.

ලිංගික හිංසනයට පත්ව ඇති එළ ගවයා රෝගී තත්ත්වයෙන් පසුවන බවද පැමිණිලිකාරිය පොලීසිය හමුවේ පවසා ඇත. සැකකරු පුතතලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. පුත්තලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.

No comments:

Post a Comment

Post Bottom Ad