රනිල් අද චීනයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 6, 2016

රනිල් අද චීනයට

රනිල් අද චීනයට
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (06) චීනයේ තෙදින නිල සංචාරයක් සදහා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත බව වාර්තා වේ.

මෙම සංචාරයේදී රනිල් වික්‍රමසිංහ මහතා චීන සමූහ ආණ්ඩුවේ ජනාධිපති ෂි ජිංපිං මහතා ඇතුළු ඉහළ පෙලේ නිලධාරීන් රැසක් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා චීනයේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වේ. මෙරට ආයෝජන අවස්ථා ඉලක්ක කර ගනිමින් චීනයේ ප්‍රධාන පෙළේ ව්‍යවසායකයන් සමග ද ශ්‍රී ලංකා නියෝජිත පිරිස සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

රනිල් වික්‍රමසිංහ මහතා සමඟ විදේශ අමාත්‍ය මංගල සමරවීර ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ද මෙම සංචාරයට එක්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි්.

No comments:

Post a Comment

Post Bottom Ad