තාජුඩීන් මරන්න ඍජුවම සම්බන්ධ 2ක් හඳුණාගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 6, 2016

තාජුඩීන් මරන්න ඍජුවම සම්බන්ධ 2ක් හඳුණාගනී

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මහතාගේ ආන්දෝලනාත්මක ඝාතනයට සෘජුවම සම්බන්ධ බවට හඳුණාගත් පුද්ගලයින් දෙදෙනකු ලඟදීම අත්අඩංගුවට ගැනීමට ඒ පිළිබඳ පරීක්ෂණ මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව පුවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විට මෙම ඝාතනය හා සම්බන්ධ සැකකරුවන් ගණනාවක් හඳුනාගෙන සිටින අතර ඔවුන් ඊට සම්බන්ධවීම අදාළ කරුණ තවදුරටත් නිරවුල්ව හඳුනාගැනීමට කටයුතු කරන බවත් සිද්ධියට සෘජුවම සම්බන්ධ බවට මේ වන විට හඳුනාගෙන ඇති සැකකරුවන් ප්‍රථමයෙන්ම අත්අඩංගුවට ගැනීම සිදු කරනු ලබන බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

තාජුඩීන් මහතා පැහැරගෙන යාම, ඝාතනය කිරීම, ඊට අදාළ පරීක්ෂණ සිදුකර ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම සහ එම සත්‍ය සිද්ධිය යටපත් කිරීම, අධිකරණය නොමඟ යැවීම ඇතුළු කරුණු කාරණා රාශියකට සම්බන්ධ පුද්ගලයන් රැසක් සම්බන්ධව පසුගිය මාස කිහිපය පුරාම පුළුල් ලෙස පරීක්ෂණ සිදු වූ බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad