ඩිලානි අබේගුණවර්ධන කියන්නෙ අපේ රටේ ජනප්‍රිය නිළියක්. ඩිලානිගේ නම ඉදිරියට අරගෙන යන්නෙ ඩිලානිගේ දුව.. කවීෂා කාවින්දි. කවීෂා මේ දිනවල සෑහෙන්න ජනප්‍රිය චරිතයක් වෙලා. මේ කවීෂා සමග කළ පුංචි සාකච්ඡාවක්.
ඉන්දියාවේ කරන් ජෝහර්, ඇමෙරිකාවේ පීටර් ජැක්සන්, ශ්‍රී ලංකාවේ ප්‍රසන්න විතානගේ ඔබට චිත්‍රපටයකට කතා කරනවා. ඔබේ තේරීම වෙන්නේ?
ලංකාවේ ප්‍රසන්න විතානගේ මහත්මයාගේ චිත්‍රපටයට මම සම්බන්ධ වෙනවා. මොකද, ඔහු මගේ මව් රටේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් නිසා. මම දන්නවා අනිත් බොලිවුඩ් වගේම හොලිවුඩ් සිනමාව අපේ සිනමාවට වඩා දියුණු කියලා. හැබැයි මට රංගනය පැත්තෙන් යම් දක්ෂතාවක් තියෙනවා නම් ඒ දේ මම දෙන්න කැමතියි මගේ ලාංකේය සිනමාවට. ඒ වගේම මගේ ලොකු අදහසක් තියෙනවා ලංකාවේ සිනමාව පැත්තෙන් ලොකු ගමනක් යන්න.
මේ චිත්‍රපටයේ ඔබේ සිනමා පෙම්වතා විදිහට චන්න පෙරේරා, රොෂාන් රණවන හා හේමාල් රණසිංහගේ නම් යෝජනා වෙනවා. කවුද ඔබ තෝර ගන්නේ?
ලාංකේය සිනමාවේ ඉන්න ජනප්‍රිය වගේම දක්ෂ නළුවෝ තුන් දෙනෙක් තමයි චන්න, රොෂාන් හා හේමාල් කියන්නේ. නමුත්, මෑත කාලයේදී නම් චිත්‍රපට ගොඩක හේමාල් දැක්කා. ඇත්තටම, මමත් ගොඩක් කැමතියි නළුවෙක් තමයි හේමාල්. එයාගේ ඇක්ෂන්, ෆයිටින්ග්, ඩාන්සින් මේ හැම එකකටම මම ගොඩක් කැමතියි. ඒ නිසා මේ චිත්‍රපටයට මම තෝර ගන්නේ හේමාල් රණසිංහව.
කවිෂා වඩාත්ම කැමති ක්‍රීඩාව කුමක්ද?
ක්‍රිකට්
ක්‍රිකට් ක්‍රීඩාවෙන් වැඩියෙන්ම කැමති ක්‍රීඩකයා කවුද?
ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර. මම කැමතියි ඔහු අදටත් කණ්ඩායමේ ඉන්නවා නම්.
ඉන්දියාවේ විරාත් කෝලි, ඔස්ට්‍රේලියාවේ ග්ලෙන් මැක්ස්වෙල්, නවසීලන්තයේ කොරේ ඇන්ඩර්සන් ඔබේ කැමැත්ත විමසනවා ආදර සම්බන්ධයකට?
විරාත් කෝලිට කැමැත්ත දෙනවා. ඇත්තටම, ඔහු හොඳ කඩවසම් ක්‍රීඩකයෙක්. පසුගිය කාලේම ඔහු ඉන්දියාවේ විතරක් නෙවෙයි ලෝකයේම අවධානය දිනාගත්තා. ඔහු වගේ කෙනෙකුට ආදරය කරන ලැබෙනවා කියන්නෙත් හීනයක්.
දැනට පාවිච්චි කරන මොබයිල් ෆෝන් එක මොකක්ද?
අයි ෆෝන් සික්ස් ප්ලස් වර්ගයේ ෆෝන් එකක්.
දැනට පාවිච්චි කරන කාර් එක?
කාර් එක්ක නැහැ මට. මොකද තාම මම රියදුරු බලපත්‍රයක් නැහැ.
සල්මාන් ඛාන්, වින් ඩිසල්, ආක්ෂේ කුමාර්, ජේසන් ස්ටෙම්ත් හා සිද්ධාර්ත් මල්හෝත්‍රාගෙන් කවුද සරාගී පෙනුමක් තියෙන්නේ?
මට හිතෙන විදිහට සිද්ධාර්ත් මල්හෝත්‍රාට.
ඔබ පෙම්වතෙක් තෝර ගන්නවා නම් ඔහුට තිබිය යුතු ගතිගුණ මොනවද?
කලාකරුවෙකුට මම කැමති නැහැ. අපි දෙන්නට දෙන්නා ගොඩක් තේරුම් ගත්ත කෙනෙක් වෙන්න ඕනා. එයා හැම වෙලාවේම මාව හිනාගස්සන්න පුළුවන් කෙනෙක් වෙන්නත් ඕනා. තව එකක් මම රංගන ශිල්පිනියක්, ගායිකාවක් විදිහට ඉදිරියේදී පූර්ණ කාලීනව එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඒ වැඩවලටත් සහාය දක්වන කෙනෙක් වෙන්න ඕනා මගේ පෙම්වතා.








No comments:
Post a Comment