සිගිරිය අනතුරින් 2ක් මරුට (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 7, 2016

සිගිරිය අනතුරින් 2ක් මරුට (PHOTOS)

දඹුල්ල - හබරණ ප්‍රධාන මාර්ගයේ අවුඩන්ගාව ප්‍රදේශයේදී ඊයේ (06) රාත්‍රී 7.00 ට පමණ ත්‍රිරෝද රථයක් සහ සුඛෝපභෝගී ජීප් රථයක් එකිනෙක ගැටී අනතුරට ලක්වී ත්‍රි රෝද රථයේ ගමන්ගත්  පුද්ගලයන් 02ක් මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 25 සහ 42 වියේ පසුවන අවුඩන්ගාව හා හබරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සීගිරිය පොලීසිය සඳහන් කරයි. අදාළ සුඛෝපභෝගී ජීප් රථය කොලඹ සිට කින්නියා බලා ධාවනය වී ඇති අතර එහි ගැටුණු ත්‍රිරෝද රථය නැවතුම්පලකට ඇතුලත් කරද්දී අනතුරට ලක්වී ඇත.

ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සීගිරිය පොලීසිය සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පවත්වයි.

ඡායාරූප පහතින්....
 




දඹුල්ල - කාංචන කුමාර ආරියදාස

No comments:

Post a Comment

Post Bottom Ad