මහින්දගේ ආරක්ෂාවට 1000ක නව බළකායක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 7, 2016

මහින්දගේ ආරක්ෂාවට 1000ක නව බළකායක් (VIDEO)

හිටපු ජනපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට භික්ෂූන් වහන්සේලා සියයකගේ හා ගිහියන් දහසකගේ බලකායක් පිහිටුවන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආන්නද හිමියෝ පැවසූහ.

එක් භික්ෂූන් වහන්සේ නමකට ආරක්ෂකයන් දස දෙනකු බැගින් බාර දෙන බවත් ඊට එක්වීමට කැමැති පුද්ගලයන්ට ලියාපදිංචි වීම සඳහා සිය තොරතුරු ලබාදිය හැකි බවත්  උන්වහන්සේ පැවැසූහ.

‘රජය ගෙනයන භික්ෂු මර්දනයට එරෙහිව‘ යන තේමාව යටතේ ඊයේ (06) කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති සඟ සමුළුවක් අමතමින් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ඒ බව කීහ.

එම වීඩියෝව පහතින් නරඹන්න...

No comments:

Post a Comment

Post Bottom Ad