විනිසුරුවරිය සහ වරදකරු අතර ඇති වූ සංවේදී සිදුවීම (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 4, 2015

විනිසුරුවරිය සහ වරදකරු අතර ඇති වූ සංවේදී සිදුවීම (VIDEO)


එකම පන්තියේ ඉගෙනුම ලැබූ යහළුවන් දෙදෙනෙකු අවුරුදු ගණනාවකට පසුව අධිකරණ විනිසුරුවරියක සහ වරදකරුවෙකු ලෙස අහඹුව මුණගැසුණු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබුණා.

නඩුව ඇරඹීමට පෙර, වරදකරු වූ තැනැත්තාගේ මුහුණ ඉතා දැක පුරුදු වූ නිසා විනිසුරුවරිය පැවසූයේ ප්‍රථමයෙන්ම ප්‍රශ්ණයක් ඇසීමට ඇති බව යි. ඉන්පසු ඇය විමසා සිටියේ, “බූත් මහත්තයා, ඔබ අධ්‍යාපනය ලැබූයේ Nautilus පාසලේ ද?” යනුවෙන්.

එහි දී වරදකරු විසින් ඇයව ද හඳුනාගෙන ප්‍රථමයෙන් සිනහ වූ නමුත්, පසුව ඔහු වැලපෙන්නට වූයේ “අනේ දෙවියනේ” යනුවෙන් කෑගසමින්.

එහි දී විනිසුරුවරිය පවසා සිටියේ ඔහු පාසලේ හොඳම ශිෂ්‍යයාව සිටි බවත්, තමා ඔහුත් සමඟ පාපන්දු ක්‍රීඩා කර ඇති බවත් ය.

කෙසේ වෙතත් සියල්ලන්ටම මෙම අවස්ථාව ඉතා සංවේදී දසුනක් වුණා.

වීඩියෝව පහතින් නරඹන්න.

No comments:

Post a Comment

Post Bottom Ad