හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාන ගණනාවක කොඩිවැල් සහ කටවුට් විනාශ කිරීමේ සිදුවීම් 06 ක් ඉකුත් පැය 12 ක කාලය තුළ වාර්තා වී ඇති බව කැෆේ සංවිධානය ප්‍රකාශ කරයි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ නාම යෝජනා ලබා දෙන බව සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමගම මෙම දේපල අලාභ කිරීම් සිදුවීම විශේෂයක් බව එම සංවිධානය සඳහන් කරයි.
ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, බෙරලිහෙල කලාපයේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ආධාරකරුවන්ගේ නිවෙස් ගණනාවට රතිඤ්ඤා පත්තු කර දමා ඇත.
ඇල්ලගල හන්දියේ එජාප මහජන නියෝජිත සමන් මහතාගේ නිවෙසේ ඉදිකර තිබූ කටවුට් කපා දමා ඇත. ලුණුගම්වෙහෙර කු.ග. 18 වංගුවේ දයාසේන මහතාගේ නිවස අසල එජාප බැනර් සියල්ල විනාශ කර ඇත. ලුණුගම්වෙහෙර කු.ග. 18 පංසල හන්දියේ කටවුට් එකක් විනාශ කිරීම. ලුණුගම්වෙහෙර 19 පාළම අසල සිට ඉදිරියට එජාපය විසින් සැරසිලි කොට තිබු කොඩිවැල් විනාශ කොට ඇත.
තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, තංගල්ල නගර මධ්‍යයේ සවිකොට ඇති රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාසගේ රුව සහිත කටවුට් කපා දමා විනාශ කොට ඇත. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර සහා තංගල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයන්හි ආරක්ෂාව තර කරන මෙන් කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස්තුමා සහ පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටී.

No comments:
Post a Comment