'රුවන් වෙනුවෙන්' 05 වැනි දා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 4, 2015

'රුවන් වෙනුවෙන්' 05 වැනි දා

එකම වේදිකාවකදී හමුවන වැඩිම කලාකරුවන් පිරිසක්

කෝමා රෝග තත්ත්වයක් හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන ප්‍රවීණ සංගීතඥ රුවන් වීරසේකර ගේ වැඩිදුර ප්‍රතිකාර සඳහා අරමුදලක් පිහිටුවා ගැනීමේ අරමුණින් පවත්වන 'රුවන් වෙනුවෙන්' දැවැන්ත ප්‍රසංගයක් මෙම 05 වන ඉරු දින සවස 7.00 ට මහරගම යොවුන් රඟහලේදී පැවැත් වෙනවා.

මහේෂ් දෙනිපිටිය ප්‍රමුඛ වාද්‍ය වෘන්දයේ සංගීතයට නර්තනයෙන් චන්න – උපුලී නර්තනායතනය සහ රවිබන්දු විද්‍යාපති කලායතනය අත්වැල් බැඳ ගනිමින් 'රුවන් වෙනුවෙන්’ ප්‍රසංගයට එක්වනවා. වේදිකාවකදී හමුවන දිවයිනේ වැඩිම ප්‍රවීණ සහ ජනපි‍්‍රය ගායක ගායිකාවන් පිරිසක් සමඟ රුවන්ට ආදරය කරන විදේශීය ගායන සහ වාදන ශිල්පීන් ගණනාවක් ද මීට එක් වීමට නියමිතයි.

පණ්ඩිත් අමරදේවයන් ප්‍රමුඛ ලතා වල්පොල, විශාරද එඩ්වඩ් – චරිතා, ටී. එම් ජයරත්න, සුනිල් පෙරේරා, පියල් පෙරේරා, කීර්ති පැස්කුවල්, මරියසෙල් ගුණතිලක, ආත්මා ලියනගේ, නිරෝෂා විරාජිනී, කසුන් කල්හාර, අමල් පෙරේරා, උරේෂා රවිහාරි, අනුර සේනානායක, චිත්‍රාල් සෝමපාල, භාතිය - සංතුෂ්, රුවන් හෙට්ටිආරච්චි, ලහිරු පෙරේරා, ශිහාන් මිහිරංග, ජනනාත් වරකාගොඩ, උමාරියා සිංහවංශ, රුක්‍ෂාන් පෙරේරා මෙම ගායක ගායිකා පිරිස අතර වනවා.

'රුවන් වෙනුවෙන්’ ප්‍රසංගයට කැලුම් ශ්‍රීමාල් සමඟින් ක්ලිෆර්ඩ් රිචඩ් නිවේදකත්වයෙන් දායකත්වය දක්වනවා.  

No comments:

Post a Comment

Post Bottom Ad