ඉකුත් පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී ධූර දැරූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිහිපදෙනෙකුට මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා නොලැබෙනු ඇතැයි දේශපාලන ආරංචි පවසනවා. දුමින්ද සිල්වා, සජින් වාස් ගුණවර්ධන සහ මර්වින් සිල්වා යන මහත්වරුන් ද ඒ අතර සිටින බවයි වාර්තාවන්නේ.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ද මෙවර මහමැතිවරණයට තරග නොකරනු ඇතැයි දේශපාලන ආරංචි පවසනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබා ගැනීමට මේ දක්වා ඔහු ඉල්ලීමක් කර නොමැති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.
මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා පත‍්‍ර සකස් කිරීම සම්බන්ධයෙන් අද (04) උදෑසන හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතාගෙන් ද විමසීමක් කළා.
ඔහු කියා සිටියේ නාමයෝජනා පත‍්‍ර සකස් කිරීමේ කටයුතු ලබන සතිය ඇතුළත අවසන් කිරීමට හැකිවනු ඇති බවයි. ඉකුත් පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීධුර දැරු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සියලූ දෙනාට මෙවරද නාමයෝජනා හිමිවනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කළා.
නාමයෝජනා පත‍්‍ර සකස් කර ඒවා භාරදීමෙන් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රචාරක කටයුතු ආරම්භ කරන බවද ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පවසනවා. ඒ සඳහා වෙන වෙනම කමිටු පිහිටුවන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
Source : Neth FM
Saturday, July 4, 2015
'ශ්‍රීලනිප' පිරිසකට නාමයෝජනා නැති වෙන ලකුණු
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment