ඔක්තෝබර් මාසයේදී මන්නාරම් ද්‍රෝණියේ තෙල් කැණීම ආරම්භවීමත් සමග ඉදිරි දස වසර තුළ ලංකා ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට මන්නාරම් ද්‍රෝනිය පත්වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ ඊයේ (06) යාපනය පරණ උද්‍යාන පාරේ පිහිටා ඇති ලංකා විදුලිබල මණ්ඩලයේ මහල් සතරකින් යුත් යාපනය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කාර්යාල සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසූවේ ‘අපගේ සැලැස්ම වී තිබුණේ 2018 වර්ෂය වනවිට සියලූ දෙනාටම විදුලිය ලබාදීමටයි. නමුත් මේ වර්ෂය අග වනවිට සියලූ දෙනාටම විදුලිය ලබාදීමේ හැකියාව දැන් අපට ලැබී තිබෙනවා. එමෙන්ම මේ වනවිට පැය 24ම අඛණ්ඩව එමෙන්ම ගුණාත්මකව විදුලිය ලබාදෙන ආසියාවේ එකම රට ලංකාවයි.
ඉදිරියේදී යාපනය සහ පුත්තලම, කලාපයේ සුළං බලාගාරවල ප‍්‍රබල මධ්‍යස්ථාන බවට පත්වේවි. එමෙන්ම ඉදිරියේදී අතිරේක ඛනිජතෙල් ගබඩාවක් යාපනයේ ඉදිකරනවා. තෙල් සම්පත සොයාගැනීමත් සමග ලෝකයේ 1960 වර්ෂය පමණ වනවිට නෝර්වේ රාජ්‍ය දුප්පත්ම රටක් බවට පත්ව තිබුණා.
නමුත් ගෑස් සම්පත සොයාගැනීමත් සමග එය ලෝකයේ ධනවත්ම රටක් බවට පත්වුණා. සියවස් 03 කට ඒ රටේ ජනතාවගේ අනාගතය සුරක්ෂිතයි.‘ ‘නමුත් අප‍්‍රිකාව, නයිජිරියාව වැනි රටවල් තෙල් සම්පත සොයාගැනීමත් සමග තිබුණ තත්ත්වයෙනුත් පහත වැටී තිබෙනවා. ලංකාව මින් කුමන තත්ත්වයට ගෙනෙනවාද යන්න ජනතාව තීරණය කළ යුතුයි.
නිවැරදි සමාජ සේවයක් කරන දේශපාලඥයින් තෝරා පත්කර ගතයුතුයි. අරගල, ලේ වැගිරීම්, තිබූ අතීතයට නැවත ගමන් කළහොත් අපට මේ සියල්ලම අහිමිවී යාහැකියි. ඒ අතීතයට නැවත ගමන් නොකර අනාගතයට පියවර මනින්නට ජනතාව නිවැරදි තීරණයක් ලබාදිය යුතුයි‘ යැයි අමාත්‍යවරයා පැවසිය.

No comments:
Post a Comment