එතුමා ඉතා සරල කෙනෙක් වුණත් හිටපු ඉන්දීය ජනපති ලෙස වාහන පහසුකම් ආරක්ෂාව හා හෝටල් පහසුකම් සපයන්න තීරණය වුණේ ඉන් පස්සෙයි. ඉතින් සංවිධායකයොන්ට මෙතුමාගෙ ගමන් බිමන්වලට ආරක්ෂිත වාහනයක් ඕන වුණා. ඒව විදේශ කටයුතු අංශෙ තියන නිසා සංවිධායකයො විදේශ කටයුතු අංසෙන් කාර් එකක් ඉල්ලුව, මෙතුමාගෙ ගමන් බිමන්වලට.
ඉතින් මේ ඉල්ලීම විදේශ කටයුතු අංසෙට ලිඛිතව යැව්වම දවස් දෙක තුනකින් ඒකට උත්තරයක් ආවලු. ඉන්දීය නායකයට යන්න කාර් එකක් දෙන්නම්, හැබැයි ඒකට දවසට රැපියල් 90,000ක් කුලී ගෙවන්න කියල…
මේ ලියුම දැකපු සංවිධායක මණ්ඩලේ හිටපු රණවක ඇමැතිතුමා කාර් එකකට දවසකට අනූදාහක් දෙන්න…
අපට පිස්සු නැහැ කියල… ලියුම විසි කරල රටේ ලොකු මහත්තයගෙ පූල් එකෙන් කාර් එකත් ඉල්ල ගන්න කියල නියම කළාලු. ඊට පස්සෙ ඒ ඇමැතිතුමා හොයල බැලුවලු විදේශ නායකයෙක් ආවම සපයන වාහනේට මේ තරම් අසාධාරණ ගාස්තු ගන්නෙ ඇයි කියල…

ඒ ප්‍රශ්නෙට විදේශ අංසෙ කස්ටිය අපූරැ උත්තරයක් දුන්නලු…
අපි අමෙරිකාවට ගියාම එහෙදී කාර් එකක් කුලියට ගත්තත් ඔය ගාණම ගෙවන්න ඕන. ඒකයි මෙහෙදිත් අපි ඒ ගාණ අය කරන්නෙ… කියල දුන්න උත්තරේ අහපු ඇමැතිතුමා උත්තර දුන් අයට හොඳවයින් දෙකක් කිව්ව කියල ආරංචියි.

No comments:
Post a Comment