තොණ්ඩමන් එජනිසයෙන් - දෙමළ ප්‍රගතිශීලී සන්ධානය එජාපයෙන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 7, 2015

තොණ්ඩමන් එජනිසයෙන් - දෙමළ ප්‍රගතිශීලී සන්ධානය එජාපයෙන්

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ලංකා කම්කරු කොංග්‍රසය එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයටත්, දෙමළ ප්‍රගතිශීලි සන්ධානය එක්‌සත් ජාතික පක්‌ෂයටත් එක්ව තරග කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

නුවරඑළිය හා මාතලේ දිස්‌ත්‍රික්‌ක සඳහා එජනිස යටතේ අපේක්‍ෂකයන් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පවසා ඇති කම්කරු කොංග්‍රසයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුත්තු සිවලිංගම් මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ තවත් දිස්‌ත්‍රික්‌ක කීපයක්‌ සඳහා තනිව තරග කිරීමට සාකච්ඡා පවත්වන බව යි. 

එමෙන්ම මැතිවරණයේ දී ලංකා කම්කරු කොංග්‍රසයේ උපරිම ශක්‌තිය ලබා දී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයෙන් විශිෂ්ට ජයග්‍රහණයක්‌ ලබා දීමට කටයුතු කරන බව ද ඔහු පවසා ඇත.

වතුකරය නියෝජනය කරන දේශපාලන පක්‍ෂ තුනක්‌ ඒකාබද්ධව ගොඩනඟා ඇති දෙමළ ප්‍රගතිශීලී සන්ධානය මෙවර මහ මැතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂයෙන් තරග කිරීමට තීරණය කර ඇති අතර ප්‍රගතිශීලී සන්ධානයට අයත් දේශපාලන පක්‍ෂවල නායකයන් හා ක්‍රියාකාරීන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර පෙරේදා (05) රාත්‍රියේ මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. 

කම්කරු ජාතික පෙරමුණ, කඳුරට ජනතා පෙරමුණ, ප්‍රගතිශීලී පෙරමුණ යන පක්‍ෂ ඒකාබද්ධව ගොඩනැගී ඇති මෙම දෙමළ ප්‍රගතිශීලී සන්ධානය මෙවර එක්‌සත් ජාතික පක්‍ෂයේ අලියා ලකුණින් නුවරඑළිය, මහනුවර, බදුල්ල, රත්නපුර, කෑගල්ල හා කොළඹ යන දිස්‌ත්‍රික්‌කවලට තරග කිරීමට සැලසුම් කොට ඇති බව පැවසේ.

No comments:

Post a Comment

Post Bottom Ad