තව පෝයවල් දෙකකින් මෛත්‍රී - මහින්ද පාලනයක්   - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 3, 2015

තව පෝයවල් දෙකකින් මෛත්‍රී - මහින්ද පාලනයක්  

මහින්ද මෛත්‍රී සමඟියෙන් එළඹෙන මහ මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමේ සාකච්ඡා සාර්ථක වීමත් සමග එක්සත් ජාතික පක්ෂය ඇතුලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ කුමන්ත්‍රණකරුවන් මහත්සේ කලබලයට පත්ව ඇති බව මහින්ද - මෛත්‍රී සමගි කිරීමේ කමිටුවේ සභාපති ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පවසයි. 

පසුගියදා පැල්මඩුල්ල නගරයේ පැවති “මහින්ද සමග නැගිටමු” රැස්වීම් මාලාවට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය. 
මෙහිදී තව දුරටත් අදහස් දැක්වු සෙනෙවිරත්න මහතා, “අපි සියලු දෙනාත් රටේ සමස්ථ ජනතාවත් බලා සිටියේ පාර්ලිමේන්තුව කොයි වෙලේ විසුරුවයිද කියලා.

මොකද මේ ජනවරමක් නැති සුලුතර ආණ්ඩුව හැකි ඉක්මනින් ගෙදර යවලා, සන්ධාන ආණ්ඩුවක් හැකි ඉක්මනින් පත් කරගන්න අපිටත් වැඩිය රටේ ජනතාවට අද අවශ්‍ය වෙලා .අද මේ රට පත්ව තිබෙන දේශපා,ආර්ථික අස්ථාවරභාවය නැති කරලා නැවත මේ රට සංවර්ධන මාවත කරා ගෙනියන එක අද යුගයේ අවශ්‍යතාවයක් වෙලා. 

හොරුන් අල්ලනවා යැයි කියමින් දේශපාලන මාධ්‍ය සංදර්ශනයක් කල එක්සත් ජාතික පක්ෂය මෑත ඉතිහාසයේ සිදු කල විශාලතම වංචාව වු  දුෂිත මහ බැංකු බැඳුම්කර නිකුතුව පිළිබඳ සත්‍ය හෙලි වීමට ප්‍රථම ජනාධිපතිතුමාට නොයෙකුත් බලපෑම්කර අද ඔවුන් පාර්ලිමේන්තුව විසුරුවා හැරගෙන තියෙනවා. කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ විවාදෙට ගත්ත නම් ආණ්ඩුවේ සායම ගැලවෙනවා.”

‘අපේ පක්ෂයේ සභාපතිතුමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ජයග්‍රහණය කිරීමේ පරමාර්ථය අරමුණ පෙරදැරිව එතුමා කටයුතු කරනවා. ඒක නිසයි එතුමා එතුමාට එල්ලවෙන නොයෙකුත් අභියෝග, චෝදනාවලට යට නොවී පක්ෂයේ උන්නතිය වෙනුවෙන් පක්ෂයේ සමගිය ආරක්ෂා කරන්න අපේ කමිටුව පත්කලේ. 

මේ කමිටුව හිටපු ජනාධිපතිතුමත් අපේ වත්මන් ජනාධිපතිතුමත් සමගි කිරීමේ පාලමක් වෙලා තියෙනවා. සමහරු කකුලෙන් අදිනවා. නමුත් මෛත්‍රී මහින්ද දෙන්නම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරෙයි. පක්ෂෙ කැඩුනොත් වාසිය අත්වෙන්නේ එක්සත් ජාතික පක්ෂෙට. එහෙම වුණොත් අපේ පාක්ෂිකයන්ට වෙන හානිය ගැන දෙන්නම දන්නවා. 

1977 වගේම 2002 අවුරුද්දේ එක්සත් ජාතික පක්ෂයේ උදවිය හැසිරෙච්ච ආකාරය අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.”සෙනෙවිරත්න මහතා පැවසීය. ‘මේ ආණ්ඩුව ගෙදර යවලා මෛත්‍රී මහින්ද පාලනයක් නැවත රට තුළ ඇති කරන්නේ කවදද කියලා. දැන් ඒකට තියෙන්නේ තව පෝයවල් දෙකයි‘ ‍ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad