ජනතාවට මතුවී ඇති දැවෙන ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදීම සඳහා මේ රටේ පුළුල් සමාජ පරිවර්තනයක් සිදුකිරීමට ජනතා විමුක්ති පෙරමුණ මෙවර මහමැතිවරණය යොදාගැනීමට බලාපොරොත්තු වන බව ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ පසුගිය දා බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී ජවිපෙ මැතිවරණ ව්‍යාපාරය දියත් කරන ආකාරය පිළිබඳ විජිත හේරත් මහතා පැහැදිලි කළේය.
‘ඒ සඳහා ජනතාව දැනුවත් කරමින් ගෙන් ගෙට යාම, කුඩා රැස්වීම් පැවැත්වීම, මේ වනවිටත් ආරම්භ කරලා තිබෙනවා. මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් ආසන බලමණ්ඩල, දිස්ති‍්‍රක් බලමණ්ඩල ගොඩනගනමින් තිබෙනවා.
නාම යෝජනා සකස් කිරීම මේ වනවිටත් ආරම්භ කොට තිබෙනවා. ඒවගේම ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ ප‍්‍රකාශනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් තිබෙනවා.‘
‘දැනට විවිධ ක්‍ෂෙත‍්‍රවල බුද්ධිමතුන්, විද්වතුන්, සමඟ සාකච්ඡා පවත්වමින් යෝජනා අදහස් ලබාගනිමින් තිබෙනවා. එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ජූලි මස මැදදී ජනතාව වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. නාම යෝජනා ජූලි මස 11වනදා අත්සන් කිරීමට බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම නව ප‍්‍රචාරක ආකෘතියක් සමඟ මහ මැතිවරණයට මුහුණ දීම සඳහා සියලූ කටයුතු සූදානම් කරමින් තිබෙනවා.‘යැයිද ඔහු වැඩිදුරටත් පැවසී ය.

No comments:
Post a Comment