'තාත්තා හොරකම් කළ දේ මැදමුලනෙදි දැක්කා' - නාමල් රාජපක්ෂ කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 3, 2015

'තාත්තා හොරකම් කළ දේ මැදමුලනෙදි දැක්කා' - නාමල් රාජපක්ෂ කියයි

සිය පියා වන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හොරකම් කළ දේ මැදමුලනේදී දැක ගත් බවත් පියා හොරකම් කර ඇත්තේ ජනතාවගේ හදවත් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ බදුල්ල කහටරුප්ප ශ්‍රී ජයසුමනාරාම මහා ශ්‍රාවක විහාරයේ මිහින්තලා ආකෘතිය විවෘත කිරීමේ උත්සවයේදී ය. හෙතෙම මෙසේද සඳහන් කළේය.

‘අපේ තාත්තා හොරකම් කළ දේ මැදමුලනෙදි දැක්කා. තාත්තා හොරකම් කළේ ජනතාවගේ හදවත්. දහස් ගණන් මැදමුලනට ආ විට හොරකම් කළ හදවත් දැක්කා.‘ යැ යි මහතා බදුල්ලේ දී පැවසීය. ‘අප ඉදිරියේ විශාල අභියෝගයක් තිබෙනවා. රටේ ඒකීය භාවය නැති කර රට විනාශ කිරීමේ සැලැසුමක් හොර රහසේ ක්‍රියාත්මක වෙනවා. 

හොරුන් අල්ලනවා යැයි යහපාලනය කිව්වා. අපේ වතුවලට පැන ලැම්බෝගිනි, ගුවන් යානා හෙව්වා. ඒත් හමුවුණු දෙයක් නෑ. ‘ යැයිද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad