හේමාමාලනීගේ රියෙහි හැපී දරුවෙකු මරුට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 3, 2015

හේමාමාලනීගේ රියෙහි හැපී දරුවෙකු මරුට

වර්තමාන බී.ජේ.පී පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක වන හේමාමාලනී ඊයේ රාත‍්‍රී ගමන් කරමින් තිබුණ මර්සිඞීස් බෙන්ස් රථය අනතුරකට ලක්වී ඇත. 

එම රියෙහි හැපුණ අල්ටෝ වර්ගයේ වාහනයට දැඩි අලාබ සිදුවුණා. එහි ගමන් කළ සිව්හැවිරිදි දරුවෙකු මේ අනතුරින් මියගියා. 

තවත් දරුවෙකු මේ වනවිට රෝහල් ගත කර ඇති බවද ඉන්දියාවෙන් වාර්තා වුණා. අනතුර සිදුවන විට එම දරුදෙදෙනා මාපියන් සමග ගමන් කරමින් සිට ඇත. හේමාමාලනීට ඉක්මණීන් යාම අවශ්‍ය බව කියූ නිසා ඇගේ රියදුරු වාහනයේ වේගය වැඩි කර තිබුණ අවස්ථාවේ අනතුර සිදුවී ඇත.

අනතුර සිදුව ඇත්තේ රාජස්තාන් ප‍්‍රදේශයේදීය. මෙම අනතුර නිසා හේමාමාලනීගේ මුහුණට තුවාල ලබා ඇත. නමුත් එය බරපතල තත්වයේ තුවාල නොවූ බව එන්ඞීටීවී වාර්තා සඳහන් කරනවා.






No comments:

Post a Comment

Post Bottom Ad