විශේෂ පංච පුද්ගල කමිටුව සමග එජාප නාමයෝජනා මණ්ඩලය 05 වැනිදා රැස්වේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 3, 2015

විශේෂ පංච පුද්ගල කමිටුව සමග එජාප නාමයෝජනා මණ්ඩලය 05 වැනිදා රැස්වේ

එක්සත් ජාතික පක්ෂ නාමයෝජනා මණ්ඩලය ලබන 05 වැනිදා අමාත්‍ය කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්වීමට නියමිතය.

එහිදී අයැදුම්පත් යොමුකළ එ.ජා.ප. මන්ත්‍රීවරු සම්මුඛ පරික්ෂණයට භාජනය කිරීමට නියමිත අතර එජාප මහ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම සඳහා අග්‍රාමාත්‍ය හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර තිබෙන විශේෂ පංච පුද්ගල කමිටුවද එදින මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතව බව වාර්තා වේ.

අමාත්‍ය කරු ජයසූරිය හා එක්සත් ජාතික පක්ෂ සභාපති මලික් සමරවික්‍රම මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම පංච පුද්ගල කමිටුව පක්ෂ මහ‍ලේකම් කබිර් හෂීම්, නීති‍ලේකම්, ජනාධිපති නීතිඥ දයා පැල්‍පොල හා ජාතික නීතිඥ සංගමයේ මහ‍ලේකම් නීතිඥ නිශ්ශංක නානායක්කාර යන මහත්වරුන්ගෙන් සමන්විත වේ.

ඉදිරි මහ මැතිවරණ ව්‍යාපාරය රටපුරා ක්‍රියාත්මක කරමින් ජනතාව දැනුම්වත් කර සියලු පාර්ශ්ව එක්රැස් කර පක්ෂයේ ජය තහවුරු කිරීම මෙම කමිටුවේ වගකීම හා කාර්යභාරය වේ.

No comments:

Post a Comment

Post Bottom Ad