ශ්‍රීලනිප නාම යෝජනා කමිටුව ජනපති හමුවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 7, 2015

ශ්‍රීලනිප නාම යෝජනා කමිටුව ජනපති හමුවෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා කමිටුව හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ අද (07) සාකච්ඡාවක් පවත්වන බව වාර්තා වේ.

අද(07) සහ හෙට (08) ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර නාම යෝජනා සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට නියමිතය. එමෙන්ම එක් එක් පක්ෂවලට ලබාදෙන දිස්ත්‍රික් නාම යෝජනා කෝටා සම්බන්ධයෙන් සන්ධානයේ අනෙකුත් පක්ෂ සමඟ ඊයේ(06) සාකච්ඡාවක නිරතවී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාම යෝජනා කමිටුව අමාත්‍ය එස්.බී. දිසානායක, අමාත්‍ය රාජිත සේනාරත්න සහ අනුර ප්‍රියදර්ශන, සුසිල් ප්‍රේමජයන්ත සහ මහින්ද අමරවීර යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත වේ. 

No comments:

Post a Comment

Post Bottom Ad