සජින් වාස් නැවතත් රිමාන්ඩ්  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 7, 2015

සජින් වාස් නැවතත් රිමාන්ඩ් 

රජයේ වාහන අයථා පරිහරණය කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ලබන 21 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (07) නියෝග කළේය.

සජින් වාස් ගුණවර්ධන මහතා අසනීපයෙන් පසුවන බැවින් ඔහු අද අධිකරණයට ඉදිරිපත් නොකරන බව බන්ධනාගාරය මහේස්ත්‍රාත්වරයාට දැන්වීය.

අසනීප තත්ත්වයෙන් සිටින සජින් වාස් ගුණවර්ධන මහතා පරීක්ෂා කිරීමට බන්ධානාගාර රෝහල වෙත යන බවද මහේස්ත්‍රාත්වරයා දන්වා ඇත. 

No comments:

Post a Comment

Post Bottom Ad