සන්ධාන මන්ත්‍රී තේනුක රිමාන්ඩ් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 7, 2015

සන්ධාන මන්ත්‍රී තේනුක රිමාන්ඩ්

මහියංගනය ප්‍රදේශයේදී පෝස්ටර් අලවමින් සිටි එජාප ආධාරකරුවන් පිරිසකට පහර දුන් සිද්ධියකට සැකපිට සන්ධානයේ හිටපු මන්ත්‍රී තේනුක විදානගමගේ ලබන 14 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මහියංගනය මහේස්ත්‍රාත් ගීතානි විජේසිංහ මෙනවිය නියෝග කළාය.

ඌව පළාත් සභා මැතිවරණ සමයේ මහියංගණය නගරයේදී  ප්‍රචාරක පුවරු සවිකරමින් සිටි පිරිසකට පහරදී තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරයා ඇතුළු පිරිසකට චෝදනා එල්ල වී තිබූ අතර මෙම චෝදනාව සම්බන්ධයෙන් සිව්දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කර තිබිණ.

නීතිඥවරයෙකු මාර්ගයෙන් හිටපු මන්ත්‍රීවරයා හා තවත් අයෙක් අද මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණයට බාරවූ අවස්ථාවේදී ලබන 14 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.  

No comments:

Post a Comment

Post Bottom Ad